Divaina - නේපාලයේ සත්කාරය...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p16 3නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ මාධ්‍යවේදීන්ද දැඩි අපහසුතාවකට ලක්ව ඇති අතර එහිදී ඉඳුම් හිටුම් සමග කෑම බීම ආදියෙන්ද ඔවුන් දැඩි දුෂ්කරතාවකට පත්ව තිබේ.
 
 නේපාලයේ ඇති දැඩි වායු දූෂණය නිසාද ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, නිල්ධාරීන් සහ මාධ්‍යවේදීන්ද දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර එම අපහසුතාව අනිකුත් රටවලටද පොදු ගැටලූ වී තිබේ. එ් අනූව බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මුඛවාඩම් පැළ`ද සිටීමද විශේෂත්වයකි. ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇති වායු දූෂණයද දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට බලපා ඇති අතර එහිදී තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුගත් ගුවන් යානාද දැඩි ප‍්‍රමාද වීමක් දක්නට ලැබ තිබේ.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන් නවාතැන් ගෙන ඇති හෝටල් පරිශ‍්‍රයට පිවිසීමට ඇති මාර්ග කුඩා වීමෙන් දැඩි ප‍්‍රමාදයන්වලටද මුහුණ දී තිබේ. මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මෙසේ අදහස් දැක්වීය.
 
 ‘‘මේ සම්බන්ධයෙන් සුළු වශයෙන් සෑම කණ්ඩායමක්ම අප‍්‍රසාදය පළ කර සිටියත් ක‍්‍රීඩාවට එයින් බලපෑමක් වුණේ නැහැ. මේ ප‍්‍රශ්න අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි නේපාල ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව හරහා රුපියල් මිලියන 73 ක් ලබා දීමට කටයුතු කළා. එ් සියලූම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ තාක්ෂණික නිලධාරීන්ට එක් දිනක් සහ ඇමෙරිකානු ඩොලර් 35 ක මුදලක් වශයෙන්. එ් හෝටල්වලට ගමන් මළු රැුගෙන ගිය රථවාහන වලට හෝටලයට ළ`ගා වීමේ හැකියාවක් තිබුණෙ නැහැ. පස්සෙ මීටර් 200 ක් පමණ දුරක් ගමන් මළුත් සමග ඇවිදගෙන තමයි ඔවුන් හෝටල්වලට ගියේ.’’ යැයි හෙතෙම පැවසීය.
 
 අදාළ දුෂ්කරතා සම්බන්ධයෙන් මුතුගල මහතා නේපාල ඔලිම්පික් කමිටුවට විද්‍යුත් තැපැල් පණිවුඩයක්ද යොමුකර ඇති අතර ඉදිරි දින කිහිපයේදී එවැනි අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන ලෙස එයින් ඉල්ලා තිබේ. අදාළ තරගාවලිය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 568 ක් සහභාගි වේ.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles