Divaina - ශ‍්‍රී ලංකාවට පළමු රන් පදක්කම රනුකගෙන් - දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p16 1නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ටයිකොන්ඩෝ ඉසව්වෙන් රනුක ප‍්‍රභාත් ඊයේ (02 දා) සමත් විය.
 
 රනුක විසින් වයස අවුරුදු 17-23 අතර ටයිකොන්ඩෝ පිරිමි එ්කල ඉසව්ව නියෝජනය කරමින් අදාළ රන් පදක්කම දිනා ගත්තේය.
 
 මේ අතර ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි කරාටේ කණ්ඩායම්ද පදක්කම් දිනා ගැනීමට ඊයේ සමත් විය. එහිදී පිරිමි කරාතේ කාතා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට එස්.බාලූරාජ් සමත් වූ අතර පිරිමි කාතා කණ්ඩායම විසින් රිදී පදක්කම දිනා ගත්තේය. මේ අතර කාන්තා කරාටේ කණ්ඩායම කාතා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
 
 ෂානි හෙට්ටිආරච්චි විසින් කාන්තා කාතා අංශයේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ‍්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.
 
 මේ අතර පිරිමි වොලිබෝල් තරගාවලියේ තුන් වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරගය තරග වට 3-1ක් ලෙස ජය ගනිමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීමට ශී‍්‍ර ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සමත් විය.
 
 ශී‍්‍ර ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණි. ශී‍්‍ර ලංකාව එහිදී පැවැති මූලික වටයේ තරගවලදී තරග වට 3-0ක් ලෙස මාලදිවයින පාරජයට පත් කරමින් සහ පකිස්තානය හමුවේ 3-1ක් ලෙස පරාජය ලබමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් විය. එ් අනුව අවසන් පුර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ලබූ පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායමට රිදී පදක්කම දිනා ගැනීමේ අවස්ථාව අහිමි වී ගියේය.
 
 තෙැවනි ස්ථානය වෙනුවෙන් බංග්ලාදේශය සමග පැවැති තරගයේදී පළමු වටය ලකුණු 25-23 ක් ලෙස පරාජයට පත් වීමට ශී‍්‍ර ලංකාවට සිදු විය. දෙවැනි වටය ලකුණු 25-20ක් ලෙස ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තුන් වැනි වටය ලකුණු 25-16ක් ලෙසින් ජය ගත්තේය. එ් අනුව තරගය 2-1ක් ලෙස පෙරමුණ ගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තීරණාත්මක හතර වැනි වටයේදී ලකුණු 25-21ක් ලෙස බංග්ලාදේශය පරාජය කර දැමීමට සමත් විය.

p16 2

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles