Divaina - චාහර්ගේ වික‍්‍රමයෙන් අජන්ත මෙන්ඩිස්ගේ වාර්තාව බිඳ වැටෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p16 2සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග කි‍්‍රයාත්මක වූ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයේදී ලකුණු 7කට ප‍්‍රතිවාදී කඩුලූ 6ක් දවා ගැනීමට සමත් වූ ඉන්දීය කණ්ඩායමේ දීපක් චාහර් ජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. එ් අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වසර 7ක වාර්තාව බිඳ දැමීමට ඔහු සමත් විය. මීට පෙර 2012 වසරේදී ශී‍්‍ර ලංකාවේ අජන්ත මෙන්ඩිස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලූ 6ක් දවා ගනිමින් අදාළ වාර්තාවට හිමිකම් කීය.
 
 දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි සහ අවසන් තරගයේදී පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ සත්කාරකයෝ පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 174ක අභියෝගයක් ප‍්‍රතිවාදී බංග්ලාදේශයට ලබා දීමට සමත් වූහ. එ් අනුව පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සංචාරක බංග්ලාදේශ ඉනිම පන්දුවාර 19.2කදී සියලූ දෙනා දැවී ලකුණු 144කට සීමා විය. අදාළ ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
 
 බංග්ලාදේශ ඉනිම එක්
 
 අවස්ථාවකදී පන්දුවාර 12කදී කඩුලූ 3ක් දැවී ලකුණු 110ක් ලෙස දිස්වීද ඔවුන්ගේ අවසන් කඩුලූ 7ම මුළු ලකුණු 34ක් තුළදී බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කළ දීපක් චාහර් පන්දුවාර 3.2ක් කි‍්‍රයාත්මක කරමින් ලකුණු 7කට කඩුලූ 6ක් බිඳ දැමීය. එහිදී බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලූ 3ම පිට පිට පන්දු 3කදී දවා ගත් චාහර් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී කඩුලූ ති‍්‍රත්වයක් ලබා ගත් පළමු ඉන්දීය පන්දු යවන්නා ලෙසද ඉතිහාසයට එක් විය.
 
 ලකුණු සටහන
 
 ඉන්දියාව පන්දුවාර 20දි කඩුලූ 5ක් දැවී ලකුණු 174යි (ලෝකේෂ් රාහුල් 52, ශ්‍රෙයාෂ් අයියර් 62, මනිෂ් පාන්ඬේ 22, ෂයිෆුල් ඉස්ලාම් 2/32, සෞම්‍ය සර්කාර් 2/29)
 
 බංග්ලාදේශය පන්දුවාර 19.3කදී සියලූ දෙනා දැවී ලකුණු 144යි (මොහොමඞ් නායිබ් 81, මොහොමඞ් මිතුන් 27, දීපක් චාහර් 6/7, ෂිවාම් ඩූබේ 3/30)
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles