Divaina - දිනේෂ් ශී‍්‍ර ලංකාව රිදියෙන් සරසයි - 2019 ලෝක පැරා මලල කී‍්‍රඩා ශූරතාවලියේදී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p16 1එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබාහිදී පැවැත්වෙන 2019 ලෝක පැරා මලල කී‍්‍රඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රිදී පදක්කමක් දිනා ගැනීමට දිනෙෂ් පි‍්‍රයන්ත හේරත් සමත් විය. හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන දිනේෂ් පි‍්‍රයන්ත ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලෝක පැරා මලල කී‍්‍රඩා උළෙලකදී පදක්කමක් දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වේ. එ් අනුව ඔහු මීට පෙර 2017දී ලන්ඩන්හී පැවැති ලෝක පැරා ශූරතාවලියේදීද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
 
 මෙවර ලෝක පැරා මලල කී‍්‍රඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා එක් කී‍්‍රඩකයකුට  අවස්ථා හයක් හිමි විය. එහිදී  තමන්ගේ පළමු අවස්ථාවේදීම මීටර් 60.59ක දුරක් වාර්තා කිරීමට දිනේෂ් සමත් විය. එ් අනුව ඉතිරි  අවස්ථා පහේදී ඔහු අසාර්ථක වීද පළමු අවස්ථාවේ ප‍්‍රදර්ශනය කළ දක්ෂතාව හේතුවෙන් එම ඉසව්වවේ රිදී පදක්කමට හිමිකම් කීමට ඔහු සමත් විය. මීටර් 61.22ක දුර දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කළ ඉන්දීය කී‍්‍රඩක සුන්දර් සිං එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 59.46ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් අදාළ ඉසව්වේ ලෝකඩ පදක්කමද ඉන්දියාවේ අජිත් සිං කී‍්‍රඩකයා විසින් දිනා ගත්තේය.
 
 ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක පැරා ශූරතාවට  සහභාගි වූ කණ්ඩායමේ නායකත්වය දැරූ දිනේෂ් පි‍්‍රයන්ත මීට පෙර 2016 රියෝ පාරාලිම්පික් කී‍්‍රඩා උළලේදී හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමටද සමත් වූ කී‍්‍රඩකයෙකි. ශී‍්‍ර ලංකා යුද හමුදා 3 වැනි ගජබා රෙජිමේන්තුවේ කෝප‍්‍රල්වරයෙකු ලෙස සේවය කළ දිනේෂ් 2008 වසරේදී මානුෂීය මෙහෙයුම්වල අවසන් අදියරේදී තුවාල ලබා වෛද්‍ය හේතුන් මත විශ‍්‍රාම ගිය අයෙකි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles