Divaina - ෂර්මාගේ කර මතින් ඉන්දියාව එකට එක කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

sarmasරෝහිත් ෂර්මාගේ වේගවත් පිති ප‍්‍රහාරය හමුවේ බංග්ලාදේශය සමග රාජ්කෝට් හී පැවැති දෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ අටක පහසු ජයක් ලැබූ ඉන්දියාව තරගාවලිය 1-1 ක් වශයෙන් සම තැන් ගැනීමට සමත් විය.
 
 පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ බංග්ලාදේශ පිල නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ හයකට ලකුණු 153 ක් ලබා ගත් අතර අදාළ ඉලක්කය අභිබවා යෑමට ඉන්දියාවට වැය වූයේ පන්දු 94 ක් පමණි. පළමු තරගය පරාජය වීමෙන් සන්නද්ධ වූ ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් පළමු කඩුල්ලට පන්දු 65 කදී ලකුණු 118 ක සබදතාවක් එක් කිරීමට සමත් විය.
 
 සිය වැනි විස්සයි විස්ස තරගයට ක‍්‍රීඩා කළ රෝහිත් ෂර්මා 18 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. පන්දු 43 කදී හයේ පහර සහ හතරේ පහර හය බැගින් එල්ල කරමින් ලකුණු 85 ක් ලබාගත් ෂර්මා එමිනුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වන විට ඉන්දියාවට ජයග‍්‍රහණය සදහා අවශ්‍යව තිබුණේ ලකුණු 30 ක් පමණි.
 
 ලකුණු තත්ත්වය
 
 බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලූ 6ට ලකුණු 153 යි. (ලිටන් ඩෑස් 29, මොහොමඞ් නයිම් 36, සෞම්‍ය ෂර්කර් 30, මහමුදුල්හා 30, චහල් 28/2 යි.*
 
 ඉන්දියාව පන්දුවාර 15.4 කදී කඩුලූ 2ට ලකුණු 154 යි. (රෝහිත් ෂර්මා 85, ෂිකර් ධවාන් 31, ෂෙර්යාස් ලියර් නොදැවී 24, එමිනුල් ඉස්ලාම් 29/2 යි.*

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles