Divaina - දූෂණ ම`ඩින කී‍්‍රඩා නීතිය පාර්ලිමේන්තුවට... මේක ගෙන ඒමේදී ජීවිත තර්ජනත් එයි කියලා බය හිතුණා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 අසේල විතාන
 
hareenaහිටපු ඇමැතිවරු සහ මන්ත‍්‍රීවරු ක‍්‍රීඩා පනතට අවශ්‍ය නීති රීති ඇතුළත් කිරීමට උත්සහ කළත් යම් බලවේගයක් විසින් අදාළ තීන්දු තීරණ ගැනීම වැළැක් වු බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුවට ක‍්‍රීඩා පනත සම්මත කිරීමට ඉදිරිපත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
 
 ‘යම් කිසි බලවේගයක් විසින් ක‍්‍රීඩා පනතට අවශ්‍ය නීති රෙගුලාසි පසුගිය කාලයේ ගෙන එන්න දුන්නේ නැහැ. හැබැයි මම කොන්ද පණ තියාගෙන මේක කරපු නිසා මට ජීවිත තර්ජනයක් වුණත් එන්න පුළුවන්. පාර්ලිමේන්තුවේදී බොහොම ලස්සනට මේ පනත ගෙන එන්නට හැකි වුණා. හැබැයි මේක පෞද්ගලිකව කාටවත් ගැසීමට කරපු දෙයක් නෙමෙයි.’ යනුවෙන් ඇමැතිවරයා පවසයි.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීතියට අලූත් වගන්ති ඇතුළත් කරමින් සංශෝධනය කරන ලද පනතට තිලංග සුමතිපාල මහතාද කැමැති වු බවත් එසේ කැමැති නොවී සිටිමට කිසිම කෙනකුට හැකියාවක් නැති බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
 
 ‘ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට විශේෂ දෙයක් මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකිවීම. අපිට කෙටි කාලයක් තුළදී මෙවැනි දෙයක් සිදුකිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටු වෙනවා. මොන දෙයක්වත් කරන්න බැහැ නීතියක් නැතිනම්. ක‍්‍රීඩා පනත තුන් පාරක් විතරයි සංශෝධනය වෙලා තිබුණෙ. අපි ඒකත් යම් යම් සංශෝධනය කළා. දැන් ඉතිං වැරදිකරුවන්ට එරෙහිව නීතියක් තියෙනවා. ක‍්‍රීඩා අමාත්‍යාංශයට සහ ලංකාවටම සතුටු වෙන්න පුළුවන් දෙයක් තමයි විසඳගන්න පුළුවන් වුණේ.’
 
 ක‍්‍රීඩා පනත සංශෝධනය කරන ලද නීති රෙගුලාසි අනුව ඉදිරියේදී තරග පාවාදීම් සහ ඔට්ටු දමන්නන් වෙනුවෙන් අධිකරණයට ගෙන ගොස් ද`ඩුවම් ලැබිය හැකි වාතාවරණයක් උදා වේ. ඒ අනුව අයි.සී.සී. නීතිය යටතේ තිබුණ තරග පාවාදීම් සම්බන්ධ නීතිය, මහාධිකරණ සහ මහෙස්ත‍්‍රාත් උසාවියකින් වරදකරුවකු වු කිසිම කෙනෙකුට ඉදිරියේදී ක‍්‍රීඩා සංගම් නිලවරණවලට ඉදිරිපත් විය නොහැක.
 
 කෙසේ වෙතත් පාර්ලිමේන්තුව රැුස්වන ඉදිරි දිනකදී අදාළ පනත විවාදයෙන් පසුව සම්මත වන බවට තමාට විශ්වාස බවත් එමගින් සුද්ද කිරීමට නොහැකිව තිබු දේවල් සුද්ද කිරීමට හැකිවූ බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි. කොන්ත‍්‍රාත්තු නොලැබූ ක‍්‍රිකට් ක‍්‍රීඩකන් 45 දෙනකු ඇතුළු ක‍්‍රිකට් නිලධාරීන්වද අද (08 දා* ක‍්‍රීඩා ඇමැතිවරයා මුණගැසීමට නියමිතව තිබේ.
 
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles