Divaina - දකුණු අපි‍්‍රකානුවෝ ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p16 3සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නියැලී සිටින සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තෙවැනි දිනට ඊයේ (21 වැනිදා* තරගය නවතා දමන විටදී කඩුලූ 8ක් දැවී ලකුණු 132ක් ලබා අසීරූ අඩියකට වැටී සිටියේය. එ් අනුව තරගයේ දෙවැනි ඉනිම කී‍්‍රඩා කරන දකුණු අපි‍්‍රකානු අපි‍්‍රකානුවෝ කඩලූ 2ක් අතැතිව ඉන්දීයානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 203ක් පිටුපසින් පසුවේ.
 
 දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම ලකුණු 162කට සීමා කර දැමීමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී පන්දුවාර 56.2කට සීමා වූ දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂුබයර් හම්සා පන්දු 79කදී ලකුණු 62ක් රැුස් කළේය. හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් එම ඉනිමට ඇතුළත් විය. ටෙම්බා බවුමා සහ ජෝර්ජ් ලින්ඬේ පිළිවෙලින් ලකුණු 32ක් සහ 37ක් රැුස් කළේය. එ් හැරුණුකොට කිසිදු දකුණු අපි‍්‍රකානු පිතිකරුවෙකු හට ලකුණු 10සීමාවට හෝ ළඟා වීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. මොහොමඞ් සාමි, සබාෂ් නදීම් සහ රවීන්ද්‍ර ජඬේජා දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමේ කඩුලූ 2ක බැගින් බිඳ දැමු අතර උමේෂ් යදව් කඩුලූ 3ක් බිඳ දැමීය.
 
 ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 335ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරැුඹූ දකුණු අපි‍්‍රකානු මුල්පෙල කඩුලූ 5ක් ලකුණු 36ක් වන විටදී බිඳ වැටුණි. පළමු ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමූ මොහොමඞ් සාමි දකුණු අපි‍්‍රකානු දෙවැනි ඉනිමේ කඩුලූ 3ක් ලකුණු 10කදී බිඳ දැමීය. එ් අනුව ඊයේ දිනයේදී දකුණු අපි‍්‍රකානු ඉනිම් දෙකෙහිම කඩුලූ 16ක් බිඳ වැටුණි.
 
 ලකුණු සටහන
 
 ඉන්දියානු පළමු ඉනිම 497/9
 
 දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම 162/10
 
 දකුණු අපි‍්‍රකානු දෙවැනි ඉනිම 132/8 (ජෝර්ජ් ලින්ඬේ 27, ඬේන් පීඞ්ට් 23, තියුනිස් ඩි බ‍්‍රයන් (නොදැවී* 30, මොහොමඞ් සාමි 3/10, උමේෂ් යාදව් 2/35*
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles