Divaina - පාකිස්තානයේ ටෙස්ට් ගහන්න බහුතරයක් ක‍්‍රීඩකයෝ කැමැති වෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p16 1ලබන දෙසැම්බර් මස පාකිස්තානයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් විසින් කැමැත්ත පළ කර ඇති අතර ඒ අනුව ටෙස්ට් සංචිතයේ සිටින ක‍්‍රීඩකයන්ට අදාළ සංචාරයට සහභාගි වීමට ලැහැස්ති වන ලෙසටද දැනුම් දී තිබේ.

ශ‍්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් පාකිස්තානයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සම්බන්ධයෙන් කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. නමුත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තවමත් ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවන බවටද සඳහන් වන නමුත්

ඔහුගේ තීරණය මේ වන විටත් ප‍්‍රකාශ කර නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයට මේ වන විටත් ශ‍්‍රී ලංකාව අදාළ තරග දෙක සඳහා සහභාගි වීමට පැමිණෙන බව දන්වා තිබේ. පසුගියදා ඩුබායි හි පැවැති අයි.සී.සී. රැුස්වීමේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා සහ පාකිස්තාන් ක‍්‍රිකට් සභාපතිවරයාද මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කොට එකඟතාවකට පැමිණ තිබේ.

2009.03.03 ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයද ඒ අනූව දෙසැම්බර් මසදී පැවැත්වීමට යෝජිතව තිබේ. පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැති ක‍්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන් නොමැතිව හෝ සංචාරයට යෑම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් අවධානය යොමු කර ඇත.

පසුගියදා පැවැති විස්සයි විස්ස සහ එක්දින තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට ලබාදුන් ආරක්ෂාවම ටෙස්ට් තරග දෙකටත් ලබාදීමට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය පොරොන්දුවී තිබේ. ඒ අනුව රාවල්පින්ඩි සහ කරච්චි නගරවලදී ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිතය. ශ‍්‍රී ලංකාව පාකිස්තානයේ සංචාරය කිරීමට යම් හෙයකින් අකමැති වුවහොත් අබුඩාබි නුවරදී අදාළ ටෙස්ට් තරග දෙක පැවැත්වෙන අතර එහිදී තරග සංවිධානය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලටද දායක වීමට සිදුව ඇත.

මධ්‍යස්ථ රටකදී තරග පවත්වන විට එක් රටක් සම්පූර්ණ මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කරන විට රටවල් දෙකම සංවිධානය වෙනුවෙන් යන වියදම දැරිය යුතුව තිබේ. කෙසේ වෙතත් පාකිස්තානයේදී ටෙස්ට් තරග පැවැත්වුවහොත් ශ‍්‍රී ලංකාවට කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවනු ඇත. පාකිස්තානයේ ආරක්ෂාව දැන් හොඳ බවත් එය පසුගිය සංචාරයේදී මැනවින් පැහැදිලි වු බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් පවසති.

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් මේ වන විටත් වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග අත්සන් තබා ඇති බැවින් ඔවුන් තරගාවලිය ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ට එරෙහිව යම් කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පවසයි. පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙක ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියට යටත්ව පැවැත්වෙන බැවින් ශ‍්‍රී ලංකාවේ සම්පුර්ණ කණ්ඩායම ඒ සඳහා සහභාගි විය යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සහ ප‍්‍රධානීන්ගේ අපේක්‍ෂාව වේ.

මේ වන විට ටෙස්ට් ලෝක ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ ශ‍්‍රී ලංකාව තෙවැනි තැන සිටින අතර පාකිස්තානය තවමත් එක් ටෙස්ට් තරගයක් හෝ ලෝක කුසලාන යටතේ ක‍්‍රීඩා නොකර අවසන්

ස්ථානයට පත්ව තිබේ. පාකිස්තානය පළමු වරට ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන්නේ ඔස්ටේ‍්‍රලියාව සමග නොවැම්බර් මසදීය. අනතුරුව ඔවුන් ශ‍්‍රී ලංකාව සමග තරග වැදීමට නියමිතය. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය පරාජය කළහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වනු ඇත.

අසේල විතාන

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles