Divaina - එකමුතුකම සහ විශ්වාසය තියෙනව නම් දිනන්න අමාරු නැහැ

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


අසේල විතාන
 
 sanaka135ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණය ශ‍්‍රී ලංකාවට ඓතිහාසික මතක සටනක් එක් කළ ක‍්‍රීඩාංගණයකි. 1996 ලෝක කුසලාන දිනාගත් එම ක‍්‍රීඩාංගණයේදීම පාකිස්තානයට ඓතිහාසික තරගාවලි පරාජයක් උරුම කරදුන් ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ විස්සයි විස්ස තරගාවලියක් 3-0 කින් ජය ලද පළමු අවස්ථාවද එම ක‍්‍රීඩාංගණයේදී සටහන් විය. ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසන්නේ මෙවැනි අදහසකි.
 
 ‘‘1996 ලෝක කුසලාන දිනාගත් ක‍්‍රීඩාංගණයේදීම අපිට පාකිස්තානය 3-0 කින් පරාජය කරන්න ලැබීම ඉතාමත් සතුටට කරුණක්. ලෝක කුසලානට මේ ජයග‍්‍රහණය සම කරන්න බැරි වුණත් අපේ ක‍්‍රිකට් යළි පණ ගන්වන්න මේ ක‍්‍රීඩාංගණයේදී හැකි වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටේ ක‍්‍රිකට් පේ‍්‍රක්ෂයන් යළිත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව සමග ඉස්සර වගේ එක්වෙන්නත් ජයග‍්‍රහණය වැදගත්. ’’
 
 පාකිස්තානයට ඒමට පෙර තිබූ චකිතය තරගාවලියේදී නැති වූ බවත් සියලූ දෙනාම හරි දේ සැලසුම් කිරීම තුළින් තරගාවලිය 3-0 කින් ජය ගත් බවත් ශ‍්‍රී ලංකා නායකයා පවසයි.
 
 ‘‘අපි මේ තරගාවලියට එන්න කලින් නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේදී ජයග‍්‍රහණයක් ලබා ගත්තා. එතනින් තමයි අපේ නැවත ජයග‍්‍රාහී ගමන ආරම්භ වුණේ. අපි පාකිස්තානයට එන කොට තිබ්බ තැති ගැනීම සහ බය තරගාවලියේදී තිබුණෙ නැහැ. තේරීම් කමිටුව, පුහුණුකරුවන් සහ සියලූ දෙනාම ගත්ත නිවැරදි තීරණ තමයි මේ ජයග‍්‍රහණයට බලපෑවේ. ඒ වගේම අපේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තමයි මෙතන ඉන්න ගොඩක් කී‍්‍රඩකයන්ව කණ්ඩායමට ගේන්න මහන්සි වුණේ.’’
 
 කණ්ඩායමක් වශයෙන් හැමදෙනාටම ආත්ම විශ්වාසය ඉතාමත් ඉහළින් තිබූ බවත් එකමුතුකම සහ ආත්ම විශ්වාසය ඇතිනම් තරග ජයග‍්‍රහණය කිරීම අපහසු නොවන බවත් දසුන් ශානක පවසයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ විදෙස් ක‍්‍රීඩකයන් සහභාගී වන ප‍්‍රිමියර් ලීගයක් නැතිවීමද කනගාටුවට කරුණක් බවත් ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එවැනි තරගාවලියක් සංවිධානය කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් දසුන් ශානක පවසයි.
 
 ‘‘ඇත්තටම ලෝකයේ හැම රටකටම වැඩිය දක්ෂ ක‍්‍රීඩකයන් අපිට ඉන්නවා. අපේ පාසල් ක‍්‍රිකට් ඉතාමත් ඉහළින් තියෙනවා. ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා අදුරගන්න හොඳ ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. මොකද අපේ ක‍්‍රීඩකයන් කොච්චර දක්ෂ වුණත් විදෙස් තරගාවලි සඳහා
 
 සහභාගි වෙන්න පුළුවන් වෙන්නෙ ක‍්‍රීඩකයන් තුන් හතර දෙනාටයි. ඒකට හේතුව මම හිතන්නෙ අපිට හොඳ ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් නැති නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ක‍්‍රීඩකයන් භාගයක් විතර ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩා කරනවා. මට ක‍්‍රීඩකයෙක් විදිහට ඒ අත්දැකීම තියෙනවා. හොඳ ක‍්‍රීඩකයන් විදෙස් රටවල ගියහම දැන් ඉන්න ක‍්‍රීඩකයන්ට ඒ
 
 අයගේ අත්දැකීම් එන්නෙ නැහැ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අපිට එහෙම තරගාවලියක් ඉදිරියේදී පවත්වයි කියලා මම විශ්වාස කරනවා.’’
 
 නායකයකු වශයෙන් කණ්ඩායම මෙහෙයවීමට කිසිදු පීඩනයක් සහ අපහසුවක් නොතිබූ බවද දසුන් පවසයි. ‘‘මට නායකයකු ලෙස මැදට ගිහිල්ල පීඩනයක් තිබ්බෙ නැහැ කණ්ඩායම මෙහෙයවන්න. මොකද අපි තරගයට ඉස්සෙල්ලා කණ්ඩායම් රැුස්වීමේදී හැමදේම සැලසුම් කරලා තමයි තරගයට ආවේ. තරගයේදි තිබ්බෙ ඒ සැලසුම ක‍්‍රියාත්මක කිරීම විතරයි. හැම දෙනාම එකතුවෙලා ගත්ත හරි තීරණ නිසා තමයි අපිට මෙවැනි ලොකු ජයග‍්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණේ.’’

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles