Divaina - හොඳ ප‍්‍රිමියර් ලීගයක් තිබ්බ නම් රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට තවත් වටිනවා පුහුණුකරු රොමේෂ් රත්නායක

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

අසේල විතාන
 
 rumasවෙනත් රටවල පවත්වන ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් ශ‍්‍රී ලංකාවේත් සංවිධානය කිරීමට හැකි වුවහොත් එය ක‍්‍රීඩකයන්ට ඉතාමත් වටිනා බව වත්මන් පුහුණුකරු රොමේෂ් රත්නායක පවසයි. බංග්ලාදේශ තරගාවලි ජයග‍්‍රහණයෙන් පසුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගමන් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විමසන ලදුව ඔහු මෙසේ පැවසීය.
 
 ‘‘ඇත්තටම මම දන්නෙ නැහැ ඇයි අපේ රටේ හොඳ ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් නැත්තෙ කියලා. මට මතකයි 2011 වගේ එස්.එල්.පී.එල්. තරගාවලියක් තිබ්බා. ඉදිරියේදී අපේ ක‍්‍රීඩකයන්ට හොඳින් ක‍්‍රීඩා කරන්න එහෙම තරගාවලියක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් සංවිධානය කරන්න සැලසුම් කරලා තියෙනවා.’’
 
 පාකිස්තාන් තරගාවලියේදී පන්දු යවන්නන් ලොව අංක එකේ පිතිකරුවන්ව පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් රොමේෂ් රත්නායක මෙසේ පවසයි. ‘‘අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. නුවන් ප‍්‍රදීප් ඉතාමත් හොඳින් පන්දු යවනවා. ඔහුට ඕවරයකට යෝකර් පහක් දාන්න පුළුවන්නම් ඒක කරන්න පුහුණුවීම් කරනවා. ඒ වගේම හැම ක‍්‍රීඩකයෙක්ම ඉතාමත් හොඳින් තමන්ගේ රාජකාරිය කළ නිසා තමයි ජයග‍්‍රහණය කරන්න පුළුවන් වුණේ.’’
 
 පාකිස්තානය ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම බවත් එහිදී ශ‍්‍රී ලංකාව සමග ඔවුන්ව සැස`දීමේදී යෝධයන් වූ බවත් රොමේෂ් රත්නායක තරගාවලිය ආරම්භයේදීම පැවසීය. නමුත් තරගාවලියට කණ්ඩායම ලක ලැහැස්ති වූ ආකාරය අනූව ජයග‍්‍රහණය කිරීම පහසු වූ බව ඔහු පවසයි.
 
 ‘‘අපේ ක‍්‍රීඩකයන් හැම දෙනාම ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම්වල නිරත වෙලා තමන්ට ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තා. ඔවුන් සැලසුම් කළ ආකාරයටම මැදට ගිහිල්ලා ක‍්‍රීඩා කළ නිසා තරගාවලිය ජය ගන්න පුළුවන් වුණා. මේ තරගාවලියේදී අපිට හොඳ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම හඳුනා ගන්න ලැබුණා. ඒක ඉදිරියට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත්.’’
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මිළඟ සංචාරය ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වේ. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන 27 වැනිදා ආරම්භ වන අතර ශ‍්‍රී ලංකා පිල 20 වැනිදා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යෑමට නියමිතය. එම තරගාවලියේදීද ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් රොමේෂ් රත්නායක කටයුතු කරනු ලබයි.

 
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles