Divaina - පාකිස්තානයට මව්බිමේදී ලොකුම විස්සයි විස්ස තරගාවලි පරාජය - ශ‍්‍රී ලංකා කෝඩුකාරයන්ගෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p12 6p12 7- පළමු වරට ශ‍්‍රී ලංකාවත් විස්සයි විස්ස තරගාවලියක් 3-0 ට දිනයි

- මම උපරිමය කළාතරගාවලියේ වීරයා වනිදු හසරංග

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කෝඩුකාරයෝ ඊයේ (09 දා) ලාහෝර්

ක‍්‍රීඩාංගණයේදී පාකිස්තානය ලකුණු 13 කින් පරාජය කරමින් සත්කාරකයන් සිය මව්බිමේ ලැබූ දරුණුතම විස්සයි විස්ස තරගාවලිය පරාජයට (3-0) ඇද දැමීමට සමත් වූහ.

1996 දී ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගත් ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදීම මෙම ඉතිහාසගත ජයග‍්‍රහණය වාර්තා කිරීමත් සමග සියලූම ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාංගණය වටා යද්දී පාකිස්තාන් පේ‍්‍රක්ෂකයන්ද අත්පොළසන් නාදයෙන් ඔවුන්ට කෘතුගුණ දැක්වූයේ වසර දහයකට පසුව පාකිස්තානයට පැමිණීමට කෘතගුණ දක්වන්නාක් මෙනි. පාකිස්තානය මීට පෙර විස්සයි විස්ස තරගාවලියක් 3-0 ට පරාජය වූයේ එංගලන්තය හමුවේය. ඒ 2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියයි.

ශ‍්‍රී ලංකාවද ඉතිහාසයේ තනි රටකට එරෙහිව 3-0 ක් වශයෙන් විස්සයි විස්ස තරගාවලියක් දිනු ප‍්‍රථම අවස්ථාව වශයෙන්ද මෙය සටහන් වේ. පාකිස්තානුවන්ගේ පළමු කඩුල්ල ලකුණු බින්දුවේදී දැවී ගියද දෙවැනි කඩුල්ලට බාබර් අසාම් සහ හාරිස් සොහෙල් ලකුණු 76 ක සබඳතාවක් පවත්වමින් ඔවුන්ව සැනසිලිදායක තැනකට රැුගෙන ආවද ළහිරු කුමාර විසින් එම සබඳතාව බිඳ දැමීමත් සමග පාකිස්තානයට ගොඩඒමට කිසිදු මගක් නොවුණි. ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වූ පාකිස්තානයට අවසන් පන්දු 60 දි ජයග‍්‍රහණය සඳහා ලකුණු 85 ක් අවශ්‍යව තිබුණි. අනතුරුව ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් විසින් පාකිස්තාන් පිතිකරුවන් පාලනය කරද්දී අවසන් පන්දු 30 දී ඔවුන්ට ජයග‍්‍රහණය වෙනුවෙන් ලකුණු 54 ක් අවශ්‍යව තිබුණි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් පන්දුවාරයේදී පාකිස්තානයට ජයග‍්‍රහණය සඳහා ලකුණු 28 ක අභියෝගයක් බාර කරද්දී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි.

තරගාවලිය පුරාවටම පන්දු යැවීමෙන් සහ පන්දු රැුකීමෙන් අති විශිෂ්ඨ හපන්කමක් කළ වනිදු හසරංග අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන දිනා ගත්තේය. ‘‘මම කඩුලූ ලබා ගැනීමට උත්සහ කරන්නේ පන්දුව කඩුල්ලටම යවමින්.’ යැයි තරගාවලියේ වීරයා වීමෙන් පසුව හසරංග පැවසීය.

ශ‍්‍රී ලංකාව ජයග‍්‍ර‍්‍රහණය වෙනුවෙන් ඔසවා තැබූ ඕෂධ ප‍්‍රනාන්දු මංගල විස්සයි විස්ස තරගයේදීම නොදැවී අර්ධ ශතකයක් (78) වාර්තා කළ ශ‍්‍රී ලංකාවේ පළමු පිතිකරුවා බවට පත්විය. 27 හැවිරිදි ඕෂධ ප‍්‍රනාන්දු මීට පෙර ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග හයකට ක‍්‍රීඩා කර තිබුණද විස්සයි විස්ස තරග වරම ලැබූ තරගයේදීම ඔහු දියත් කළ ප‍්‍රාණවත් පිති ප‍්‍රහාරයට පන්දු 48 ක් වැය වෙද්දී හයේ පහර තුනක් සහ හතරේ පහර අටකින් පාකිස්තාන් පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළේය.

ශ‍්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලූ හතර පන්දුවාර අටක් අවසන් වන විට ලකුණු 58 කට දැවී ගොස් තිබියදී ඉනිම ඔසවා තැබු ඕෂධ සිය නායකයා වූ දසුන් ශානක සමග පස්වැනි කඩුල්ලට ලකුණු 76 ක සබඳතාවක් සටහන් කළේය. කෙසේ වෙතත් දසුන් ශානක ආරම්භයේ සිටම සංයමයකින් යුතුව පිති ප‍්‍රහාරයේ යෙදීමට උත්සහ කළද ඔහුගේ ඉනිම නිමා වන විට පන්දු 25 ක් වැය වෙද්දී ලබා තිබුණේ ලකුණු 12 ක් පමණි. ඔහු නායකයකු වශයෙන් ඉතාමත් විශිෂ්ඨ වික‍්‍රමයක් මෙම තරගාවලිය පුරාවටම සිදුකරනු දක්නට ලැබුණි.

තරගාවලියේ ජය කලින්ම උදුරා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් පහක් සහිතව මෙම තරගයට අවතීර්ණ වුයේ බංකුවේ සිටි සියලූම ක‍්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා තීරණය කර තිබීම හේතවෙනි. එහිදී ෂෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් සහ අවිශ්ක ප‍්‍රනාන්දුට ස්ථානය අහිමි විය. ඒ වෙනුවට ඕෂධ ප‍්‍රනාන්දු, ළහිරු මධුෂංක, ළහිරු කුමාර, සධීර සමරවික‍්‍රම සහ ඇන්ජලෝ පෙරේරාට අවස්ථාව ලබා දී තිබුණි.

කෙසේ වෙතත් ආරම්භක පිතිකරු වශයෙන් පැමිණි සධීර සමරවික‍්‍රම පන්දු නවයකදී හතරේ පහරක් සමග ලකුණු නවයක් ලබා සිටියදී වසීම්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ඔහු ඊට පෙර කඩුලූ රකින පාකිස්තාන් නායකයාට උඩපන්දුවක් ලබාදුන්නද ඔහු එය අතහැරියත් සමරවික‍්‍රමට ඉන් ප‍්‍රයෝජන ගත නොහැකි විය. ලකුණු අතර සිටි ධනුෂ්ක ගුණතිලක අමීර් විසින් කඩුල්ල කෙළින් එවන පන්දුවට වේගවත් පහරක් ගැසීමට ගොස් ඉනිම නිමා කර ගත්තේය.

පාකිස්තානයේ පියයුරු පිළිකා රෝගීන්ගේ සුබ සිද්ධිය උදෙසා රෝස පැහැති අත්පළඳනා සහ ඇඳුම් වලින් මෙම තරගය උදෙසා ක‍්‍රීඩා ලෝලීන්ට පැමිණෙන ලෙස පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය. ඒ අනුව කණ්ඩායම් දෙකේම ක‍්‍රීඩකයන්ගේ ටී ෂර්ටයේ රෝස පැහැති පළඳනාවක් පැළඳ ක‍්‍රීඩා කළ අතර මෙම තරගයෙන් ලැබෙන ආදායම පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

අසේල විතාන ලාහෝර් සිට

p12 7p12 7p12 7p12 7

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles