Divaina - මට පිතිකරුවකු වශයෙන් තවත් දියුණු වෙන්න ඕනෑ - තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p12 355කණ්ඩායම වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය පාකිස්තාන් සංචාරයේදී ලබාදීමට හැකි වීම සම්බන්ධයෙන් තමා ඉතාමත් තෘප්තිමත්ව සිටින බව තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග පවසයි.

වනිඳු හසරංග විස්සයි විස්ස තරග පහකදී කඩුලූ නවයක් ලබා ගෙන ඇති අතර ඔහු පාකිස්තානය සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී පන්දු හතරකදී කඩුලූ තුනක් දවා ගනිමින් ශ‍්‍රී ලංකාවට තරගාවලිය ජය ගැනීම සඳහා විශිෂ්ට හපන්කමක් කළේය. එම තරගයේදී හසරංග යැවු පන්දුවාර හතරෙදී ලකුණු 38 කට කඩුලූ තුනක් දවා ගත්තේය.

‘‘මට කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිමය මේ තරගාවලියේදී දෙන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා. විස්සයි විස්ස තරග දෙකේදී මට පන්දු යවන්න ලැබුණ හැම වෙලාවෙම මගේ සැලසුම වුණේ ලකුණු නැතිව පන්දු යවන්නෙ කොහොමද කියලා. පාදඟ පන්දු යවන්නෙක් වුණහම කඩුල්ල කෙළින් පන්දු යවන විට පහර දෙන්න ලේසි නැහැ. මමත් පිතිකරුවෙක් විදිහට ඒක හොඳින් දන්නවා. ඒක නිසා මම හැම තිස්සෙම විවිධත්වයක් ඇතිව පන්දු යවන්නෙ කඩුල්ල කෙළින් පන්දු යවලා තමයි.’’

පන්දු රැුකීමේදී වනිඳු හසරංග විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත්ව තිබේ. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වීමට අවශ්‍ය පන්දු රැුකීම ඔහු දියුණු කර ගන්නා අයුරු මෙසේ සඳහන් කළේය.

‘‘මම පුහුණුවීම්වලදි ගොඩක් කැමැති පන්දු රකින්න තමයි ආස. තරගයකට ගියහමත් මම හැම පන්දුවක්ම මගේ අතට එනවනම් තමා කැමැති. ඒ නිසා මගේ පන්දු රැුකීම හොඳ තැනක තියා ගන්න පුළුවන්.’’

වනිඳු හසරංග 2017 වසරේ සිම්බාබ්වේට එරෙහිව පළමු එක්දින තරගයට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී සහභාගි විය. එම තරගයේදී ඔහු කඩුලූ ත‍්‍රිත්වයක් ලබා ගත්තද ඉන් පසු තරග කිහිපයක් ක‍්‍රීඩා කළ ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි විය.

‘මට අවුරුද්දයි මාස හය හතක් කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටියා. ඒ කාලයේදී මට කරන්න පුළුවන් හැම පුහුණුවීමක් හොඳින් කරලා. ‘ඒ’ කණ්ඩායම සහ දේශීය ප‍්‍රිමියර් තරගවලදී හොඳින් ක‍්‍රීඩා කරලා යළිත් ජාතික කණ්ඩායමට පැමිණෙන්න ගොඩක් මහන්සි වුණා. එතනදි මම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වු නිසා තමයි යළිත් කණ්ඩායමට පැමිණෙන්න පුළුවන් වුණේ.’’

වනිඳු හසරංග ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක‍්‍රීඩකයකු වශයෙන් නම් කර තිබුණි. ඔහු එක්දින තරග 12 කදී කඩුලූ 13 ක් ලබා තිබේ. පළමු පෙළ තරග 30 කදී ශතක තුනක් සහ අර්ධ ශතක 13 ක් සමග මුළු ලකුණු 1955 ක් ලබා ඇති හසරංග එහි ඉනිමක සාමාන්‍ය 45.46 ක් වැනි ඉහළ අගයක්

පවත්වාගෙන යෑමට සමත්විය. පළමු පෙළ එක්දින තරග 44 කදී කඩුලූ 63 ක් බිඳ දමා ඇති ඔහු පිතිකරුවකු වශයෙන් අර්ධ ශතක හයක් සමග සාමාන්‍ය 26.19 ක් වශයෙන් සටහන් කර ගනිමින් තුන් ඉරියව් දක්ෂතා දක්වා තිබේ.

‘‘මම පිතිකරුවකු වශයෙන් ජාතික කණ්ඩායමේ පහර දෙන්න වෙන්නෙ අංක හය, හත හෝ අට ස්ථානවල. ඒ නිසා අන්තිම ඕවර කිහිපයේදී පිතිකරුවකු වශයෙන් ලෝකයේ ඉන්න හොඳම පන්දු යවන්නන්ට පහර දෙන්න තවත් මම ඒ අංශය දියුණු කර ගන්න ඕන.’’

පාකිස්තාන් සංචාරය සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘‘අපි නවකයන් විදිහට කණ්ඩායමක් වශයෙන් ගොඩක් කතා වුණා. පළමු පෙළ අපි එකට ගහපු ගොඩක් අය ජාතික කණ්ඩායමේ ඉන්නවා. ක‍්‍රීඩකයාට ක‍්‍රීඩකයා සාකච්ඡා කරලා කරපු නිසා තමයි එක්දින තරග දෙක හොඳින් කළා දිනාගන්න බැරි වුණාට. විස්සයි විස්ස තරගාවලියේදී අපි අපේ උපරිමය කළා.’’ යනුවෙනි.

අසේල විතාන ලාහෝර් සිට
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles