Divaina - බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා හොකී රන් පදක්කම විශාඛාවන්ට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p12 145බස්නාහිර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කොළඹ කෘතිම ක‍්‍රීඩාංගණයේදී පැවැති බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා වයස අවුරුදු 20 න් පහළ බාලිකා හොකී තරගාවලියට සහභාගි වූ සියලූම කණ්ඩායම් අභිබවමින් 2019 වසරේ ශූරතාව තහවුරු කරගන්නට කොළඹ විශාඛා විද්‍යාලය නියෝජනය කළ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.
 
 බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා තරග ඉතිහාසයේ පළමුවරට අදාල ශූරතා කුසලාන තහවුරු කරගන්නට කොළඹ විශාකා විද්‍යාලය නියෝජනය කළ ක‍්‍රීඩිකාවන් සමත් වීම විශේෂත්වයකි. ඉකුත් වසරේ ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදු වූ වූ විශාඛා විද්‍යාලය මෙවර තරගාවලිය තුළ ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් අදාල ශුරතා කුසලාන දිනා ගැනීම ඒ අතර කැපී පෙනුණි .
 
 පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට ක‍්‍රියාත්මක කරන ලද මෙවර තරඟාවලියේ මූලික වටයේ දී කොළඹ කාන්තා විද්‍යාලය ද අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ මියුසියස් විද්‍යාලය ද අවසන් පූර්ව වටයේ දී කොළඹ බිෂොප් විද්‍යාලය ද තීරණාත්මක අවසාන මහා තරගයේ දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය ද පරාජයට පත් කරමින් බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා හොකී රන් පදක්කම දිනා ගැනීමට විශාඛාවියන්හට හැකි විය.
 
 සේසදී බමුණුසිංහ ගේ නායකත්වයෙන් සහ සනුදි යාපා ගේ උප නායකත්වයෙන් සැදුම්ලත් ජයග‍්‍රාහී විශාකා විද්‍යාලයීය ක‍්‍රීඩිකාවන් හොකී ක‍්‍රීඩා භාර ආචාරිණී පුෂ්ප කුමාරි අබේසිංහ මහත්මිය සහ පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා සමඟ
 
 ඡායා රූපයෙන් දැක්වේ .

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles