Divaina - චමරිගේ ශතක ඉනිම අපතේ යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p12 245ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම සමග ඊයේ (09 වැනිදා) බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වු තෙවැනි තරගයේදී කඩලූ 9ක පරාජයක් අත් විඳීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩලූ 8ක් දැවී ලකුණු 195ක් රැුස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 26.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉල්කකය පසුකර යෑමට සමත් වූවාය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින තරගාවලයි 3-0ක් ලෙස ජය ගැනීමට ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
 
 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සුපිරි පිති ප‍්‍රහාරයක නිරත වූ චමරි අතපත්තු සිය පස්වැනි එක්දින ශතකය තමන් ඉදිරියේ සටහන් කර ගැනීමට ඊයේ සමත් වූවාය. එහිදී පන්දු 124කදී හතරේ පහර 13ක් සමගින් ලකුණු 103කින් ශී‍්‍ර ලංකා ඉනිම ශක්තිමත් කළ ඇය ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එකම සහ වැඩිම ශතක වාර්තා කළ කී‍්‍රඩිකාව ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා පොතට එක්වූවාය. එ් අනුව මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 84කට කී‍්‍රඩා කර ඇති චමරි ශතක 5ක් සහ අර්ධ ශතක 14ක් වාර්තා කර තිබේ.
 
 චමරි හැරුණුකොට ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ හර්ෂිතා මාධවී ලකුණු 24ක් ලබා ගත්තාය. පන්දු 48කදී හතරේ පහර 3ක් එම ඉනිමට ඇතුළත් විය. මීට අමතරව පසුපෙළින් ශී‍්‍ර ලංකා ඉනිම ශක්තිමත් කිරීමට වෑයමක් දැරූ අමා කාන්චනා, ඕෂධී රණසිංහ සහ අචිනි කුලසූරීය (නොදැවී) පිළිවෙලින් ලකුණු 17,17 සහ 12ක් බැගින් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූ අතර අනෙක් කිසිදු කී‍්‍රඩිකාවකට ලකුණු 10 සීමාව පසුකර යෑමට නොහැකි විය.
 
 ඔස්ටේ‍්‍රලියානු පළමු කඩුල්ලට ලකුණු 159ක ශක්තිමක් ආරම්භයක් ලබා ගැනීමට රචෙල් හෙන්ස් සහ ඇලීසා හේලි සමත් වූවාය. රචෙල් හෙන්ස් ලකුණු 63කට දැවී ගිය අතර ඇලීසා හේලි නොදැවී ලකුණු 112ක් වාර්තා කළාය. පන්දු 76ක් පමණක් වැය වූ එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 15ක් ඇතුළත් විය.
 
 ලකුණු සටහන
 
 ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලූ 8ක් දැවී ලකුණු 195යි (චමරි අතපත්තු 103,හර්ෂිතා මාධවී 24, මෙගන් ස්කොට් 2/44, ජොර්ජියා වාරෙහම් 2/18)
 
 ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 26.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 196යි (රචෙල් හේන්ස් 63, ඇලීසා හේලි (නොදැවී) 112, චමරි අතපත්තු 1/32)

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles