Divaina - අවුරුදු දහයක් බලන් හිටියා ජාතික කණ්ඩායමට එන්න.... භානුක රාජපක්ෂ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


  අසේල විතාන ලාහෝර් සිට
 
 bhanuka13666ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට වසර දහයක පමණ කාලයක් ඉවසීමෙන් බලා සිටි බවත් දෙවියන් ගැන තිබු විශ්වාසය හේතුවෙන් තමාට කෙසේ හෝ අවස්ථාව හිමි වු බවත් භානුක රාජපක්ෂ පවසයි. කොළඹ රාජකීය විදුහලෙන් ක‍්‍රිකට් පිටියට පිවිසි භානුක පාකිස්තානය සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
 
 ‘‘ඇත්තටම මේ අවස්ථාව එන තෙක් මම අවුරුදු දහයක් බලා ගෙන හිටියා. මම දෙවියන් වහන්සේ ගැන ගොඩක් විශ්වාස තියන කෙනෙක්. ඒ නිසා මට සුදුසු අවස්ථාවේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මට පාසල් කාලයේ ඉඳන් මේ තැනට එන්න ගොඩක් කට්ටිය උදව් කළා.’’ යැයි භානුක පවසයි.
 
 කොළඹ රාජකීය විදුහල් කණ්ඩයමේ නායකයා වශයෙන්ද අනතුරුව ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා වශයෙන්ද කටයුතු කළ භානුක රාජපක්ෂ පාකිස්තානය පරාජය කිරීම සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
 
 ‘‘මම හිතන්නෙ මුළු කණ්ඩායමක් වශයෙන් විතරක් නෙමෙයි රටක් වශයෙනුත් අපි සතුටු වෙන්න ඕන ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම පරාජය කිරීම ගැන. අපේ මුළු කණ්ඩායම එකමුතුව ක‍්‍රීඩා කර නිසා තමයි ජය ගන්න ලැබුණේ.’’
 
 ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් නොමැති අවස්ථාවකදී දෙවැනි පෙළ කණ්ඩායමක් යන ලේබලය තම පිලට අලවා තිබියදී ලද ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.
 
 ‘‘අපි හුඟක් මේ තරගාවලිය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. ජාත්‍යන්තර මාධ්‍ය පවා පැවසුවේ අපි දෙවැනි පෙළ කණ්ඩායමක් කියලා. අපි පළමු තරගය දිනා ගත්තට පස්සෙ සැලැස්ම සකස් කළේ දෙවැනි තරගය දිනලා තරගාවලිය ජය ගන්න එකට. දැන් අපිට අවශ්‍ය 3-0 ක ජයක්.’’
 
 පාසල් කාලයේ සිට ක‍්‍රීඩා කළ ආකාරයටම පළමු ජාත්‍යන්තර තරගයේදී ක‍්‍රීඩා කළත් පළමු පන්දු කිහිපයේදී පීඩනයක් තිබූ බවද ඔහු පවසයි.
 
 ‘‘මම අංක තුන තමයි පාසල් කාලයේ ඉදලා ක‍්‍රීඩා කළේ. අසන්ත ද මෙල් මහතා විස්සයි විස්ස කැප් එක දෙද්දි මට කිව්වෙ දන්න පුරුදු ක‍්‍රීඩා විලාශයෙන් ක‍්‍රීඩා කරන්න කියලා. පුහුණුකරුත් මට කිව්වෙ ඒකමයි. හැබැයි මට ඕන වෙලා තිබ්බා ගොඩක් වෙලා පිතිකරණයේ යෙදෙන්න. නවකයෙක් විදිහට එකපාරට කණ්ඩායමට ඇවිල්ලා අංක තුන ක‍්‍රීඩා කරනවා කියන එක ලෙහෙසි නැහැ. හැබැයි පළමු තරගයේදී පළමු පන්දු දෙක තුන මම පීඩනයක හිටියා. හැබැයි ලකුණු එනකොට මට පීඩනය නැතිව ගියා.’’
 
 ජාතික කණ්ඩායමේ ස්ථානයක් නොමැති කාලයේදී නොයෙකුත් කතා තමන්ට කීවද ඉවසීමෙන් අවස්ථාව ලැබෙන තුරු බලා සිටි බවද භානුක පවසයි.
 
 ‘‘මට කණ්ඩායම ඇතුළට එන්න බැරුව හරි අමාරු කාලයක් තිබ්බා. ඒ කාලයේ නොයෙකුත් දේවල් මට කිව්වා. මම දෙවියන් කෙරෙහි විශ්වාසය තියලා අවුරුදු දහයක් බලන් ඉදලා ලැබිච්ච අවස්ථාවේ සාර්ථක වෙන්න ලැබුණ එක ගැන සතුටුයි. හැබැයි මම පාසල් යන කාලයේ ඉදලා ක‍්‍රීඩා කළ ආකාරයටම තමයි මේ තරගාවලියේදීත් ක‍්‍රීඩා කළේ. මම ලොකු දේවල් කරන්න ගියේ නැහැ. මම දන්න දේ තමයි කළේ.’’

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles