Divaina - 20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේදී - ශී‍්‍ර ලංකාව 14න් නවතී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p16 1පසුගියදා නිමාවට පත් වූ 20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේදී 14 වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති අදාළ තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩාම පළමු වටයේ සියලූම තරග පරාජයට පත්වීමෙන් අනතුරුව ස්ථාන තේරීමේ වටය සඳහා තරග වැදුණි.
 
 එ් අනුව 13 සහ 14 වැනි ස්ථාන සඳහා ඕමානය සමග පැවැති තරගයේදී තරග වට 3-2ක් වශයෙන් පරාජයට පත්වීමෙන් 14 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට ශී‍්‍ර ලංකාවට සිදු විය.
 
 මෙවර තරගාවලියේදී දෙවන වටයේ දී ශී‍්‍ර ලංකාව කසකස්තානය හා ඕමානය පරාජය කිරීමට සමත් විය. අනතුරුව තුන්වැනි වටයේ දී 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා වන ශ්‍රේණිගත කිරීම් සඳහා සුදුසුකම් ලබා ගත් ශ‍්‍රී ලංකාව 13 වැනි හා 14 වැනි ස්ථාන සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී තුන්වැනි වටයේ අවසන් පූර්ව තරගයේ දී කුවේට් කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජය කරමින් එම වටයට පිවිසීමට ඔවුහු සමත් වූහ.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles