Divaina - වසර හතක ක‍්‍රිකට් ලොක්කන් ඉදිරියේදී කෝප් කමිටුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


අසේල විතාන
 
sricricket ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන්ට ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පත‍්‍රයට පිළිතුරු සැපයීම සදහා 2013 වසරේ සිට 2019 දක්වා වසර හතක ක‍්‍රිකට් පරිපාලනයේ සිටි ප‍්‍රධානීන් පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිතව තිබේ.
 
 වත්මන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා විසින් කෝප් කමිටුව හමුවේ කරන ලද ඉල්ලීමක් අනූව හිටපු නිලධාරීන් සියලූ දෙනාවම කෝප් කමිටුවට ගෙන්වීමට එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා තීරණය කළේය. එ් සදහා ඉදිරියේදී දින ලබාදෙන බවද හෙතෙම පැවසීය.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය, ගුවන් විදුලි ප‍්‍රචාරය, ජංගම
 
 රැුහැන් සහිත අන්තර්ජාල විකාශනය සහ අනුග‍්‍රහකත්වය යන ක‍්‍රියාවලියේදී මුදල් අක‍්‍රමිකතා සිදුව ඇතැයි සදහන් වේ. එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක් සහ ඇමරිකානු ඩොලර් 187,000 ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගිණුමට නිසියාකාරව නොලැබී අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉකුත් 19 වැනිදා කෝප් කමිටුව විසින් ක‍්‍රිකට් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර සිටියේය.
 
 වත්මන් ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසන්නේ පසුගිය වසර 15 ක කාලයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල සිදුව ඇති සිදුවීම් අනූව මේ ආකාරයෙන් හෝ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉතුරු වී තිබීම ලොකු දෙයක් බවයි. එ් සම්බන්ධයෙන් ප‍්‍රති පිළිතුරු සැපයූ සුනිල් හදුන්නෙත්ති මහතා පවසා සිටියේ ක‍්‍රිකට් ආයතනය ක‍්‍රිකට් හැර අනෙකුත් සියලූම දේවල් කර ඇති බවයි.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට වැඩිම මුදල් ලැබෙනුයේ රූපවාහිනී විකාශන අයිතියෙන් බැවින් එහිදී සිදුවන ගණු දෙනුවල විනිවිද භාවයක් නොමැති වීමෙන් මීට මාස කිහිපයකට පෙර වෙනත් විදේශ ගිණුමට රූපවාහිනී අයිතිය විකිණීමෙන් ලැබෙන මුදල් බැරවී තිබුණි. එ් සම්බන්ධයෙන්ද කෝප් කමිටුව විසින් වැඩිදුරටත් ඉදිරි දිනයකදී ක‍්‍රිකට් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles