Divaina - අකිලට වසරක තහනමක්..!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

akilasdපන්දු යැවීම සැක සහිත බවට එල්ලවු චෝදනා සනාථ වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අකිල ධනංජයට වසරක කි‍්‍රකට් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවරගෙන තිබේ. එ් අනුව අකිලගේ පන්දු යැවීම නීති විරෝධි බවට සනාථ වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර එම හේතුවෙන් වසරක කාලයක් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමේ යැවීමේ තහනමකට ලක්වීමට ඔහුට සිදුවී තිබේ.
 
 මීට පෙර 2018 දකුණු අපි‍්‍රකානු සංචාරයට පෙරද අකිලගේ පන්දු යැවීම නීති විරෝධී බවට චෝදනාව එල්ලවූ අතර පසුගියදා පැවැති නවසීලන්ත ටෙස්ට් තරගයේදීද නැවත වරක් අකිලගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනා එල්ල විය. එ් අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් ඉන්දියාවේ චෙන්නායි නුවරදී අකිලගේ පන්දු යැවීම පිළිබඳ පරික්ෂණයක් සිදුකළ අතර එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට ඔප්පු වී තිබේ. එ් අනුව ලබන 2020 අගෝස්තු මාසය දක්වා අකිලගේ ජාත්‍යන්තර තරග තහනම කි‍්‍රයාත්මක වේ.
 
 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කදී කඩුලූ 33ක් දවා ගැනීමට සමත් වී ඇති අකිල එක්දින තරග 36කදී කඩුලූ 51ක් දවා ගැනීමට සමත් වී තිබේ. විස්සයි විස්ස තරග 22කදී කඩුලූ 22ක්ද දවා ගැනීමට ඔහු සමත් වී තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles