Divaina - ක‍්‍රිකට් ලොක්කන්ට කෝප් කමිටුවෙන් දැඩි අවවාද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p16 1ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා ඇතුළු සිව් දෙනකු ඊයේ (18 දා) කෝප් කමිටුව හමුවේ පෙනී සිටියද එහිදී ඔවුන්ගෙන් කරුණු නොවිමසා දැඩි අවවාද කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබුණි.

මීට පෙර කෝප් කමිටු සැසි මග හරින ලද ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, උප සභාපති රවීන් වික‍්‍රමරත්න, පරිපාලන අංශ ප‍්‍රධානී අරුණ ද සිල්වා සහ උපභාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල යන මහත්වරු ඊයේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටියේය. එහිදී ඔවුන් පසුගිය කෝප් කමිටු කැඳවීම්වලට සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාවද ඉල්ලා සිටීම විශේෂත්වයකි.

ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා විසින් කෝප් කමිටුව මීට පෙර විමසන ලද කරුණුවලට පිළිතුරු බැඳීමට උත්සහ කළද එම උත්සහය කෝප් කමිටු සභාපතිවරයා විසින් වළක්වන ලදී. එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ මෙවර ක‍්‍රිකට් ප‍්‍රධානීන්ව කෝප් කමිටුව හමුවට කැඳවන ලද්දේ පසුගිය කැඳවීම් මගහැරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මිස ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට නොවන බවයි.

මින් ඉදිරියට පැවැත්වෙන කෝප්  කමිටු කැඳවීම් සඳහා ඕනෑම අවස්ථාවක සහභාගිවීමට සුදානම් බව ක‍්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීහු ඊයේ පොරොන්දු වූහ. ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් සහභාගි වන අයි.සී.සී. සහ ආසියානු ක‍්‍රිකට් කවුන්සිල රැස්වීම් පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් කාල කසටහනක්ද කෝප් කමිටුව විසින් ඉල්ලා සිටියේය.

කෝප් කමිටුවට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් විවිධ කාරණා ඉදිරිපත් කිරීමට ක‍්‍රිකට් නිලධාරීන් උත්සුක වුවද එහිදී උප භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල මහතා විසින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව සම්බන්ධයෙන් හෙතෙම හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයන්ගේ දෝෂදර්ශනයටද ලක්වීම විශේෂත්වයකි.

මින් ඉදිරියට කොප් කමිටුව විසින් කළ දැනුම්දීම්වලට ප‍්‍රතිචාර නොදක්වමින් එය මග හරිනු ලැබුවහොත් එය පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් වශයෙන් සලකන බවද කෝප් කමිටු සභාපතිවරයා ක‍්‍රිකට් ප‍්‍රධානීන්ට දැනුම් දුන්නේය. මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් කෝප් කමිටුව හමුවේ ලබාදෙන පිළිතුරු පරස්පර බවත් ඉදිරියේදී ඊට සහභාගී වන විට හොඳ සූදානමකින් පැමිණෙන ලෙසත් කෝප් කමිටුව විසින් ක‍්‍රිකට් නිලධාරීන් දැනුවත් කළේය.

කෙසේ වෙතත් කෝප් කමිටුව විසින් ඉදිරි දිනකදී මෙම ක‍්‍රිකට් නිලධාරීන්ව කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත අතර අද දිනයේදී ක‍්‍රිකට් සම්බන්ධ තවත් සිද්ධියක් සම්බන්ධයෙන් කිහිප දෙනෙකු කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ඒ අනුව ක‍්‍රිකට් තොරතුරු තාක්ෂණ කළමනාකරු නදිශාන් සුරියආරච්චි ඇතුළු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිගණක හදිසි ප‍්‍රතිචාර අංශයේ නියෝජිතයන් ඊට සහභාගි වේ. හිටපු ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට අවශ්‍ය බව ඉල්ලා තිබුණද ඔහුට එම අවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවද වාර්තා වේ.

අසේල විතාන

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles