Divaina - ආසියානු සත් සාමාජික රග්බි සටනේ දෙවැනි අදියරට ශ‍්‍රී ලංකාව චීනයට යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

චීනයේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර එහිදී පළමු අදියර ක‍්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් තුනක් පමණක් සිදුකරමින් මෙම සංචිතය නම්කර තිබේ.
 
 ලබන 14 සහ 15 වැනිදා චීනයේ හුයිශෝ නුවරදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර කණ්ඩායමේ නායකත්වය දනුෂ් දයාන්ට හිමිව තිබේ.
 
 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව, චීනය, හොංකොං, මලයාසියාව, කසකස්තානය, තායිලන්තය, ජපානය, සිංගප්පුරුව යන කණ්ඩායම් සහභාගි වේ. ශ‍්‍රී ලංකාව ලබන 14 වැනිදා හොංකොං සමග සහ මලයාසියාව සමග තරග වදින අතර අනතුරුව 15 වැනිදා චීනය සමග තරග වැදීමට නියමිතය.
 
 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර ලබන 28 සහ 29 දෙදින ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර එම තරග කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
 
 ශ‍්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම
 
 දනුෂ් දයාන් (නායක), තිළිණ විජේසිංහ, ජේසන් දිසානායක, තිළිණ බණ්ඩාර, රීසා රෆයඞීන්, දිනුක් අමරසිංහ, ජනිදු ඩිල්ෂාන්, අදීශ වීරතුංග, ගැමුණු චේතිය, ඉරෝෂන් සිල්වා, සුධාරක දික්කුඹුර, කෙවින් ඩික්සන්, නවීන් හේනකන්කානමගේ

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles