Divaina - පාකිස්තාන් සංචාරය වර්ජනය කළ ක‍්‍රීඩකයන්ට විදෙස් තරගාවලිත් තහනම් - කොදෙව් ගිය තිසරටත් එන්න කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කළ ක‍්‍රීඩකයන් දස දෙනාට ඉදිරියේදී පැවැත්වෙන විදෙස් ප‍්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ක‍්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමි වන බව ක‍්‍රිකට් ප‍්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග කොන්ත‍්‍රාත් ගතව සිටින ක‍්‍රීඩකයන්ට එම කොන්ත‍්‍රාත් කාලයේදී ජාතික කණ්ඩායම සමග ඕනෑම අවස්ථාවක ක‍්‍රීඩා කිරීමට බැදී සිටිය යුතු වේ. සාධාරණ හේතුවක් මත ඔවුන්ට ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එම කාලයේ පැවැත්වෙන විදෙස් තරගාවලි ක‍්‍රීඩා කිරීමටද අවසරයක් නොමැත.

ඒ අනුව පාකිස්තාන් සංචාරය වර්ජනය කළ නිරෝෂන් දික්වැල්ලට සහ තිසර පෙරේරාට බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන සී.පී.එල්. විස්සයි විස්ස තරගාවලිය ක‍්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත. එම ක‍්‍රීඩකයන් සියලූ දෙනා ජාතික කණ්ඩාමේ පුහුණු සැසිවලට සහභාගි විය යුතු වේ.

මේ අතර තිසර පෙරේරා දැනටමත් බටහිර ඉන්දීය කොදෙව් හි සංචාරය කරමින් සී.පී.එල්. තරගාවලිය නියෝජනය කරමින් සිටියි. නමුත් ඔහුට ලබන 15 වැනිදාට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් උපදෙස් දී ඇත්තේ ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට සහභාගිවීම සඳහායි. තිසර පෙරේරාද පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කළද ඔහු ඉකුත් වසරේදී පාකිස්තානයේ සංචාරය කළ ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයාද විය.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙද්දී ක‍්‍රීඩකයන් දස දෙනකු එම සංචාරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ක‍්‍රිකට් ප‍්‍රධානීන් කණස්සල්ලෙන් පසුවේ. ඉදිරියේදී ඔස්ටේ‍්‍රලියාව සමගත් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වෙන අතර එම තරගාවලියේදීද බොහෝ ක‍්‍රීඩකයන්ට ස්ථානය අහිමිවීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ඊට හේතුව පාකිස්තාන් සංචාරය වර්ජනය කිරීම බවද වාර්තා වේ.

අසේල විතාන

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles