Divaina - කෝප් කමිටුවේ ප‍්‍රශ්න පත‍්‍රයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිළිතුරු සොයයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p16 1ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත කෝප් කමිටුවෙන් එල්ල වන දූෂණ චෝදනා සඳහා පිළිතුරු සැපයීමට මීළඟ කමිටු වාරයේදී (18 දා) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සූදානම් වන අතර එහිදී ක‍්‍රිකට් සභාපතිවරයාද අදාළ කමිටුවට සහභාගි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

කෝප් කමිටුව විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම සඳහා ඉකුත් සැසි වාරයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා, හිටපු උප සභාපති කේ.මතිවානන්, ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සහභාගි වුවද ඔවුන් ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මධ්‍ය හමුවකදී අදාළ නිලධාරීන්ව විවේචනයට බඳුන් කළේය.

මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ කිසිදු රාජකාරියක් හෝ ඊට අදාළ කිසිදු වැඩ කටයුත්තකට සහභාගි නොවන පරිදි තාවකාලික තහනමකට ලක්ව ඇති තිලංග සුමතිපාල මහතා පවසන්නේ, ‘‘කෝප් කමිටුව හමුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් ලබාදුන් පිළිතුරු ගැන මට සැහීමකට පත්වෙන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් කළ කැඳවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සැහැල්ලූවට අරගෙන. ඔවුන් ලබාදුන් පිළිතුරු අපහැදිලියි. ඔවුන් කරුණු අධ්‍යයනය කරලා නෙමෙයි එතනට ගිහින් තියෙන්නෙ.’’ යනුවෙනි.

මේ අතර ක‍්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 1200 ක ඇස්තමේන්තුවකින් මහනුවර ඉදිකිරීමට යන ක‍්‍රිකට් විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්ද තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසීය. ‘‘මේක ක‍්‍රිකට් කැම්පස් එකක් නෙමෙයි. අපේ ප‍්‍රධාන ක‍්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානයක්. මේකට කැම්පස් කියලා වචනෙ පාවිච්චි කලාට එහෙම එකක් නෙමෙයි. මේ ඉඩම අක්කර දෙකහමාරක් තියෙනවා. එතන පර්චස් එකක වටිනාකම අඩුම තරමේ මිලියන එකහමාරකට වඩා වටිනවා. අපිට රුපියල් මිලියන 300 ක් වියදම් කරලා ඉඩම් ගන්න ඕන නැහැ. ඒ නිසයි අපි පන්සලෙන් ඉඩම ගත්තෙ. මේ ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 400 කට වැඩියි. අපි බදු පදනම යටතේ ඒ ඉඩම ගත්තෙ රු. මිලියන 25 ක පරිත්‍යාගයක් පන්සලට කරලා.’’

හිටපු ක‍්‍රිකට් පරිපාලනය විසින් මිලියන ගණන් ගෙවා පුහුණුකරුවන් බඳවා ගත්තද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටමට පසුබෑමකට ලක්විය. කෙසේ වෙතත් අදාළ පුහුණුකරුවන් සමග කොන්ත‍්‍රාත් අත්සන් කිරීමේදී පැමිණි එකඟතාවන් සම්බන්ධයෙන්ද මේ වන විට මාතෘකාවට බඳුන්ව තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබිය යුතු මිලියන 5.5 ක මුදලක් විදෙස් ගිණුමකට බැර වී ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විද්‍යුත් ඊමේල් පණිවුඩයකින් බැවින් ඒ සම්බන්ධයෙන්ද මීළඟ කෝප් කමිටුවේදී ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක අසංක ගුරුසිංහ ඔස්ටේ‍්‍රලියාවේ සිටන මිලියන ගණනක මාසික වැටුපකට ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත් අතර අනතුරුව ඔහුව ක‍්‍රිකට් කළමනාකරු තේරීම් කමිටු සාමාජික යන තනතුරුවලට පත්කළේය. පසුව ගුරුසිංහව දක්ෂතා ඉහළ දැමීමේ කළමනාකරු වශයෙන් පත්කර තිබියදී ඔහුගේ කොන්ත‍්‍රාත්තුව අවසන් විය. ගුරුසිංහගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් නොසතුටින් සිටියදී හිටපු ක‍්‍රිකට් පරිපාලන ප‍්‍රධානියකු යළිත් ඔහුගේ සේවය දිගුකිරීමට මැදිහත් වුවද වත්මන් ක‍්‍රිකට් සභාපතිවරයා ඊට එරෙහි වී තිබේ.

මේ අතර තිලංග සුමතිපාල මහතාට ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ගොනු කර ඇති තාවකාලික තහනමෙන් පසුව යළිත් කිකට් පරිපාලනයට සම්බන්ධවීමට කිසිදු අවස්ථාවක් තිබේද යන්න සොයා බැලීමට පත්කරන ලද ත‍්‍රිපුද්ගල කමිටුව මේ වන විටත් වැඩකටයුතු ආරම්භ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

අසේල විතාන

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles