Divaina - පළමු ඉනිමේ වාසියෙන් නවසීලන්තය ගොඩ යයි...ශ‍්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


  sp
 
 
ටොම් ලෙතම් ප‍්‍රමුඛ නවසීලන්ත පිතිකරුවන් සරා ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දියත් කළ සැලසුම් සහගත පිති ප‍්‍රහාරය හමුවේ ශ‍්‍රී ලංකා පළමු ඉනිම අභිබවා ලකුණු 138 ක වාසියක් අත්පත්කර ගැනීමට ඊයේ (25 දා) දිනය අහවර වන විට සමත් විය.
 
 තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට කඩුලූ පහකට ලකුණු 382 ක් ලබා සිටි නවසීලන්ත පිලට අද දිනයේදී තවත් පැයක් පමණ පිති ප‍්‍රහාරයේ නිරත වෙමින් ශ‍්‍රී ලංකාවට දෙවැනි ඉනිම ක‍්‍රීඩා කිරීමට ලබාදුනහොත් එහි වැඩි අභියෝගය සත්කාරකයන්ට එල්ල වනු ඇත. නවසීලන්ත ඉනිම ශක්තිමත් කරමින් සිටින ග‍්‍රෑන්ඞ් හෝම් සහ වොට්ලින් අතර හය වැනි කඩුල්ලේ නොබිඳුනු සබඳතාව ලකුණු 104 කි.
 
 ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගවලදී පළමු ඉනිමේ ජයද ප‍්‍රසාද ලකුණු උදුරා ගැනීම සඳහා අත්‍යඅවශ්‍ය සාධකයකි. යම් හෙයකින් මෙම තරගය ශී‍්‍ර ලංකාව ජය ගත හොත් නවසීලන්තයට පළමු ඉනිමේ ප‍්‍රසාද ලකුණු අහිමිවේ. එහෙත් ඔවුන් පළමු ඉනිමේ වාසියත් සමග ශ‍්‍රී ලංකාව පරාජය කළහොත් ප‍්‍රසාද ලකුණු 60 ක් සහ තරගාවලිය 1-1 ක් වශයෙන් සම කිරීම මෙන්ම තවදුරටත් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණියේ දෙවැනි තැන ස්ථාවර කර ගැනීමට සමත් වේ.
 
 කාලගුණයෙන් බාධා පැමිණීම හේතුවෙන් මෙම තරගය විසඳුමකින් තොරව අවසන් කර ගැනීමේ අවස්ථාව බහුල වුවද එය තීරණය වන්නේ අද (26 දා) දිනයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පිති ප‍්‍රහාරයේ යෙදෙන ආකාරය අනුවය. කෙසේ වෙතත් නවසීලන්ත පිලේ පළමු කඩුලූ හතරම ලකුණු 126 කදී දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් ටොම් ලෙතම් සහ බී. ජේ. වොට්ලින්් එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 143 ක සබඳතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේදී පසුපසට ඇද දැමීමට සමත් විය.
 
sp1 1ශ‍්‍රී ලංකාව අමාරුවේ දැමූ ටොම් ලෙතම් පන්දු 251 ක් පුරා පිති ප‍්‍රහාරයේ යෙදෙමින් හතරේ පහර 15 ක් සමග ලකුණු 154 ක් ලබා ගත්තේය. ඩිල්රුවන්ගේ පන්දුවකට ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පස්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය.
 
 මැද පෙළින් නවසීලන්ත ඉනිම ඔසවා තැබූ බී. ජේ. වොට්ලින් සහ ග‍්‍රෑන්ඞ් හෝම් අර්ධ ශතක ලබා ගනිමින් යළිත් වරක් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ව වෙහෙසට පත්කර දැමූහ. ඔවුන් දෙදෙනා හය වැනි කඩුල්ලට ශතක සබඳතාවක් පැවැත්වීමත් සමග පළමු ඉනිමේ වාසිය තවදුරටත් දිගු කර ගැනීමට නවසීලන්තයට හැකිවිය.
 
 අද තරගයේ පස්වැනි සහ අවසන් දිනය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක දිනයකි. කාලගුණයෙන් බාධාවක් නොවුණහොත් පන්දුවාර 90 ම ශ‍්‍රී ලංකා පිතිකරුවන් ක‍්‍රීඩා කළ යුතු අතර එසේ නොවුණහොත් පළමු ඉනිමේ නවසීලන්තය ලබාගත් වාසිය පන්නා ගොස් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ඉතිරි කර ගත යුතු වේ. ශී‍්‍ර ලංකාව වසර පහකට ආසන්න කාලයකදී සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජය ලබා නොමැති වීම සහ තරගාවලියේ ජය ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකා පිතිකරුවන් අද සටනක් දිය යුතුය.
 
 මේ අතර ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පාදයේ ආබාධයක් හේතුවෙන් පන්දු රැකීමෙන් වැලකී සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් විසින් ශ‍්‍රී ලංකා පිලේ වැඩබලන නායකයා වශයෙන් කටයුතු කළේය. කඩුලූ රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ අතේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුද ක‍්‍රීඩාගාරයේ විවේක ගනිද්දී දිනේෂ් චන්දිමාල් විසින් කඩුලූ රැකීමේ කර්තව්‍ය බාර ගත්තේය. 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles