Divaina - මාලිංගගේ විස්සයි විස්ස සැලැස්ම නවසීලන්තයට එරෙහිව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


  sp2
 
එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් සකස් කරමින් සිටින ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට භාරදී තිබේ. ඔහු නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනේ සිට ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබයි.
 
 ලසිත් මාලිංග මීට පෙරද විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වු අතර ඔහුගේ උපනායකයා වශයෙන් කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල පත්කර තිබේ. මේ අතර ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් රැසක් සමගින් නවසීලන්ත සටනට අවතීර්ණ වීමට නියමිතව තිබේ.
 
 ලසිත් මාලිංග එක්දින තරගවලින් සමුගැනීමෙන් පසුව පවසා සිටියේ විස්සයි විස්ස ලෝක කුසලානට හරියන ක‍්‍රීඩකයන් 20-25 ක් අතර සංචිත ගත කරමින් හොඳම කණ්ඩායම තෝරා ගැනීමට තමා තේරීම් කමිටුව සමග සාකච්ඡුා කරන බවයි. එහි පළමු අභියෝගය නවසීලන්තය සමග පල්ලේකැලේදී පැවැත්වේ.
 
 මෙවර විස්සයි විස්ස ශ‍්‍රී ලංකා සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස්වට විවේක ලබා දෙද්දී තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාට ස්ථානය අහිමිව තිබේ. ඔහු පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ස්ථානය අහිමි වෙද්දී දසුන් ශානක, වනිදු හසරංග, දනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයුරිය ඇතුළු ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය හිමිව ඇත.
 
 ශ‍්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය
 
 ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුෂංක 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles