Divaina - ‘ඒ. ජේ. විජේසිංහ අනුස්මරණ කුසලාන’ අන්තර් සමාජයීය සත් සාමාජික හොකී තරගාවලිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 
 
* දක්ෂතම කී‍්‍රඩකයා - ඉසංක ගෝල් රකින්නා - තරිඳු
 
 
අනුරුද්ධ හේරත් බණ්ඩාර
 
sp4ඉකුත් සෙනසුරාදා (24 වැනිදා) මාතලේ එඞ්වඞ් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පවත්වන ලද ‘ඒ. ජේ. විජේසිංහ අනුස්මරණ කුසලාන’ අන්තර් සමාජයීය සත් සාමාජික හොකී තරගාවලියෙහි දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ඉසංක කුමාර ජයසුන්දර (යුද හමුදාව) සම්මාන ලැබූ අතර තරිඳු කුමාර හේන්දෙණිය (යුද හමුදාව) දක්ෂතම ගෝල් රකින්නා ලෙස තිළිණ ලැබීය.
 
 දෙස් විදෙස් කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම තරගාවලියෙහි ශූරතාව සහ අනුශූරතාව දිනා ගනිමින් ‘ඒ. ජේ. විජේසිංහ අනුස්මරණ කුසලාන’ සමගින් රුපියල් 150,000. 00ක මුදල් ත්‍යාගය හිමිකර ගැනීමට යුද හමුදාවට හැකි විය. මෙවර ශූරතාව යුද හමුදා ‘කහ’ පිලටද අනුශුරතාව යුද හමුදා ‘නිල්’ පිලටද හිමිවිය. එද දෙපිළ අතර පැවැති තීරණාත්මක අවසන් තරගය සඳහා නියමිත කාලය නිමාවන විට ගෝල 2-2ක් ලෙස සම තත්ත්වයක් ඉසිලීම කැපී පෙණුනි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජයග‍්‍රාහි පිල තෝරා ගැනීම සඳහා දඬුවම් පහර (ියදදඑ දමඑ) එල්ල කිරීමේ අවස්ථාව භාවිත කිරීමට සංවිධායකයින් කටයුතු කළහ. එහිදී ගෝල 3-1ක තියුණු ජයග‍්‍රහණයක මිහිර අත්විඳින්නට යුද හමුදා ‘කහ’ පිල නියෝජනය කළ කී‍්‍රඩකයෝ සමත් වූහ.
 
 අවසන් පූර්ව වටයේදී යුද හමුදා ‘කහ’ පිල හමුවේ ඉන්දියානු ජිම්කානා සමාජය ගෝල 2-0කින්ද යුද හමුදා ‘නිල්’ පිල හමුවේ පොලිස් පිල ගෝල 2-0කින්ද පරාජය විය.
 
 හොකී කී‍්‍රඩාව සඳහා සුප‍්‍රසිද්ධ මාතලේ එඞ්වඞ් උද්‍යාන කී‍්‍රඩාංගණය තුළ මාස ගණනාවකට පසුව ජාතික මට්ටමේ තරගාවලියක් කි‍්‍රයාත්මක වීම හේතුවෙන් එය දැක බලා ගැනීමට කී‍්‍රඩා ලෝලීන් විශාල ප‍්‍රමාණයක් පැමිණ සිටීම සතුටට කරුණක් ලෙස සඳහන් කළ හැකිය. මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මැනවින් සංවිධානය කර තිබුණු මෙවර තරගාවලියේ ජයග‍්‍රාහි පිල් උදෙසා තිළිණ ප‍්‍රදානය ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ ලේකම් කෞෂල්‍ය නවරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles