Divaina - ඔස්ටේ‍්‍රලියාව හමුවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ අසරණ වෙති...20 වැනි අසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 
 
20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ මේ දක්වා කිසිදු ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වී සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පසුගියදා (23 වැනිදා) ඔස්ටේ‍්‍රලියාව සමග පැවැති තරගයද පරාජයට පත්වූහ. ඒ අනුව අදාළ තරගය තරග වට 3-0 වශයෙන් ජය ගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් විය.
 
 ශී‍්‍ර ලංකාව මූලික වටයේදී ඉන්දුනීසියාව සහ චීනය හමුවේ තරග 3-0 වශයෙන් පරාජයට පත් වූ අතර ශ්‍රේණිගත කිරීම් තරගයේදී ඉන්දියාව හමුවේ 3-2ක් ලෙස පරාජයට පත් විය. පසුගිය තරගයේදී ඔස්ටේ‍්‍රලියාව හමුවේ පළමු වටය ලකුණු 25-17ක් ලෙස පරාජයට පත්වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ දෙවනි වටයද ඒ ආකාරයෙන්ම ලකුණු 25-17ක් ලෙසින් පරාජයට පත්වූහ.
 
 තරග වට 2-0ක් වශයෙන් පිටුපසින් සිටිමින් ඇරඹූ තෙවැනි වටයේදීද ජයග‍්‍රහණය සිහිනයක් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 25-15ක පරාජයක් අත්කරදීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් විය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles