Divaina - නවසීලන්තයේ විස්සයි විස්ස ඔටුන්න සවුතිට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

timsautiශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුතිට ලබාදී තිබේ. ඒ නිත්‍ය නායක කෙන් විලියම්සන්ට විවේකයක් ලබාදීම හේතුවෙනි.
 
 “අපිට විස්සයි විස්ස ලෝක කුසලානට පෙර තරග නවයකට සහභාගි වෙන්න තියෙනවා. පසුගිය කාලයේ තරග රාශියක් ක්‍රීඩා කළ නිසා අපි කෙන් විලියම්සන්ට විවේකයක් ලබාදුන්නා” යැයි නවසීලන්ත තේරීම් කමිටු සභාපති ගවින් ලාර්සන් පවසයි.
 
 මීට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක ටේ‍රන්ට් බෝල්ට්ද විවේකයක් ලබාදීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
 
 නවසීලන්තය සහ හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග තුනම පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන 1 වැනිදාත් දෙවැන්න 3 වැනිදා තෙවැනි තරගය 6 වැනිදා පැවැත්වේ.
 
 නවසීලන්ත විස්සයි විස්ස සංචිතය
 
 ටිම් සවුති (නායක), ටොඞ් ඇස්ටල්, ටොම් බෲස්, කෝලින් ඩී ග්‍රැන්ඞ්හෝම්, ලුකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කුග්ලිජන්, ඩාර්ලි මිචෙල්, කොලින් මුන්රෝ, සෙත් රාන්ස්, මිචෙල් සැනට්නර්, ටිම් සෙෆර්ට්, ඉෂ් සවුදි, රෝස් ටේලර්
 
 


 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles