Divaina - මොහොමඞ් ශේෂාඞ්ට වසරක තරග තහනමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

tim ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් විසින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ශේෂාඞ්ට එරෙහිව නීති පියවර ගනිමින් ඔහුට ඉදිරි වසරක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරින් තීරණය කර තිබේ.
 
 පසුගිය දින වකවානුවක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් නොකොට මොහොමඞ් ශේෂාඞ් විදෙස් ගතව ඇති අතර එම හේතුවෙන් ඔහුගේ කොන්ත්‍රාත්තුව තාවකාලිකව තහනම් කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරින් පියවර ගෙන තිබිණි. අනතුරුව සිදු කළ විනය පරික්ෂණයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරින් විසින් ඔහුට වසරක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට තීරණය කර තිබේ. කොන්ත්‍රාත් ගතව ඉන්න ඕනෑම ක්‍රීඩකයෙකු විදෙස් ගතවනවා නම් ඊට පෙර ක්‍රිකට් ආයතනයෙන් අවසර ගත යුතු යැයිද එසේ නොකළ වරදට මෙම තීරණය ගත් බවට ඇෆ්ගනිසතාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටී.
 
 ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරග 85ක් ක්‍රීඩා කර ඇති ශේෂාඞ් එහිදී ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 2763ක් රැස් කර තිබේ. විස්සයි විස්සයි තරග 64කදී එක් ශතකයක් සහ අර්ධ ශතක 11ක් සමගින් ලකුණු 1860ක් ලබා ඇති ශේෂාඞ් ටෙස්ට් තරග 2කදී ලකුණු 69ක් වාර්තා කිරීමට සමත්ව තිබේ.


 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles