Divaina - අකිලගේ දඟකාර කමෙන් ශ‍්‍රී ලංකාව සැනසෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p12 1පන්දු යැවීමේ නව ඉරියව්ව පෙරටත් වඩා මුවහත් බව පෙන්නූ අකිල ධනංජය ඊයේ (14 දා) ගාල්ලේදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී නවසීලන්ත පිලේ කඩුලූ පහක් දවා ගනිමින් ශ‍්‍රී ලංකා පිල ඔසවා තැබීමට සමත් විය’ වර්ෂාව හේතුවෙන් පළමු දිනය පන්දුවාර 68 කට සීමා වෙද්දී නවසීලන්ත පිල කඩුලූ 5 කට ලකුණු 203 ක් ලබා සිටියේය’
 
 දඟ පන්දු යවන්නන්ට උචිත ගාලූ තණතීරුවේදී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා සිනහමුසු මුහුණින් පළමුව පිති ප‍්‍රහාරය තෝරා ගත්තේ සිව්වැනි ඉනිම ක‍්‍රීඩා කිරීමේදී පිතිකරුවන්ට එල්ල වන අභියෝගයේ තරම කලින්ම වටහා ගනිමිනි’ ශ‍්‍රී ලංකා පිලේ දඟ පන්දුවේ ප‍්‍රධාන තුරුම්පුව වු අකිල ධනංජය නවසීලන්ත පිලේ දැවී ගිය කඩුලූ පහේම අයිතිකරුවා බවට පත්විය’
 
 25 හැවිරිදි අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවන් පැමිණිලි කිරීමෙන් පසුව ඔහු ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසුවය’ එම කාලය තුළ පන්දු යැවීමේ ඉරියව්ව යළිත් නිවැරදි කරගත් අකිල ධනංජය සිව්වැන්ි වරටත් ඉනිමක කඩුලූ පහක් දවා ගැනීමට සමත් වූයේ ඔහු ක‍්‍රීඩා කළ හය වැනි ටෙස්ට් තරගයේදී වීම විශේෂත්වයකි’
 
 අකිල ධනංජය ඊයේ කඩුලූ පහ දවා ගැනීමට පෙර එංගලන්තයට (115/6)” බංග්ලාදේශයට (24/5)” දකුණු අප‍්‍රිකාවට (52/5) සහ නවසීලන්තයට (57/5)” එරෙහිව ඉනිමක කඩුලූ පහ බැගින් ලබා තිබුණි’ අකිලගේ පන්දු යැවීමේ හමුවේ පිළිවෙලින් ටොම් ලෙතම්” කෙන් විලියම්සන්” ජීට් රාවල්” හෙන්රි නිකොලොස් සහ බී’ජේ’වට්ලින්ග් යන පිතිකරුවෝ දැවී ගියහ’
 
 දිවා ආහාරයට පෙර නවසීලන්ත පිලේ කඩුලූ තුනක් ගලවා දැැමූ අකිල තේ පානයට පෙර තවත් කඩුලූ දෙකක් ගලවා දැමුවේය’ පළමු කඩුල්ලට රාවල් සහ ලෙතම් ලකුණු 64 ක සබඳතාවක් පැවැත්වූ අතර එහිදී පළමු කඩුල්ල වශයෙන් ලෙතම් පිටියෙන් ඉවත් විය’ ලෙතම්ගේ දැවී යාමෙන් පසු පැමිණි නායක කෙන් විලියම්සන්ට කඩුල්ලේ රැුදී සිටීමට හැකිවූයේ පන්දු තුනකට පමණි’ ලකුණු 71 ක් වන විට කඩුලූ තුනක් දැවී ගොස් තිබූ නවසීලන්ත පිලට ශක්තිමත් මුක්කුවක් ලබාදුන් රෝස් ටේලර් සහ හෙන්රි නිකොලොස් සිව්වැනි කඩුල්ලට ශතක සබඳතාවක් පිහිටුවීමට සමත් විය’ හෙන්රි අර්ධ ශතකය ආසන්නට (42) පැමිණ සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය’
 
 නවසීලන්ත පිලේ ඉහළම ලකුණු ලාභියා වූ රොස් ටේලර් දිනය නිමා වන විට පන්දු 131 කදී හතරේ පහර හයක් සමග ලකුණු 86 ක් ලබා සිටියේය’ ශ‍්‍රී ලංකාව ඊයේ පළමු වරට අංක සහිත ඇඳුමකින් ටෙස්ට් තරගයකට පිවිසීමද විශේෂත්වයකි’ එහිදී දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 20 ක් යැව්වද එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය’ නමුත් ඔහු දකුණු අප‍්‍රිකාවේදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ හයක අයිතිකරුවා බවට පත්විය’
 
 වේග පන්දු යවන්නන් දෙදෙනා වූ සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර දෙදෙනා පන්දුවාර 10 බැගින් යැව්වද ඔවුන්ට කඩුලූ ලබා ගැනීමට නොහැකි විය’ එහිදී ලක්මාල්ගේ පන්දුවාර 10 න් පහක්ම නිලකුණු පන්දුවාර වශයෙන් අවසන් කිරීමට ඔහු වගබලා ගත්තේය’ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඊයේ තරගයේදී බංකුවේ තැබීමට සලස්වමින් කඩුලූ රැකීමේ අත්ආවරණ නිරෝෂන් දික්වැල්ලට ලබාදී තිබුණි’

p16 1

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles