Divaina - දස වසරකට පසු ශ‍්‍රී ලංකා ටෙස්ට් පිල පාකිස්තානයට යෑමට සැරසෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p16 1වසර දහයකට පසු පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සූදානම් වන අතර ඒ සඳහා ප‍්‍රභූ ආරක්ෂාවක් ලබාදීමටද පාකිස්තාන් ආරක්ෂ අංශය එකඟ වී තිබේ. පාකිස්තානයේ ආරක්ෂාව සොයා බැලීම සඳහා ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නියෝජිතයන් එහි තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක්ද ශ‍්‍රී ලංකා කි‍්‍රිකට් වෙත ලබාදී තිබේ.

2009.03.03 වැනිදා ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ලොව කිසිදු රටක් පාකිස්තානයේදී ටෙස්ට් තරග හෝ ජාත්‍යන්තර තරග කිරීමෙන් වැලකී සිටියේය. නමුත් දැන් එහි තත්ත්වය ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට හැකි වන පරිදි නිර්මාණය වී ඇති බවට පාකිස්තාන් ක‍්‍රිකට් ප‍්‍රධානීන් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වීම පිණිස පසුගියදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නියෝජිතයන් පාකිස්තානයේ තෙදින සංචාරයක නිරත විය.

පාකිස්තානයේ ක‍්‍රීඩා කිරීමට හැකි ආරක්ෂක තත්ත්වයක් තිබේද යන්න සොයා බැලීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයක යෙදුණි. අදාළ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වූයේ එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලක, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ජාත්‍යන්තර තරග සංවිධායක කමිටු ප‍්‍රධානී චන්දිම මාපටුන හා ¥ෂණ මර්දන නියෝජ්‍ය කළමනාකරු පාලිත සෙනවිරත්න යන මහත්වරුන් වේ.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකුගෙන් විමසන ලදුව, ‘පාකිස්තානය කියන්නෙ අපේ මිත‍්‍ර රටක්. ඔවුන් සමග ක‍්‍රීඩා කිරීමට අපිට කිසිදු ගැටලූවක් නැහැ. නමුත් 2009 දී ඇති වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පස්සෙ පාකිස්තානයේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට පුළුවන්ද යන්න සොයා බැලීමට අපි කණ්ඩායමක් යැව්වා. ඔවුන් ලබාදෙන වාර්තාව අනූව අපි පාකිස්තානයට යනවා. වාර්තා වන අන්දමට ඉහළ ප‍්‍රභූ ආරක්ෂාවක් අපිට ලබාදෙන්න පාකිස්තාන් ක‍්‍රිකට් සහ එහි රජය අපිට පොරොන්දු වී තියෙනවා.’’ යනුවෙන් පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා පාකිස්තාන් මාධ්‍ය හමුවේ පවසා සිටියේ, ‘‘අපිට 2009 දී කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. එහිදී අපේ ක‍්‍රීඩකයන් තුවාල ලැබුවා වගේම පාකිස්තානයේ සිවිල් වැසියන්ද අනතුරට ලක් වුණා. කොහොම වුණත් අපි මෙහි තත්ත්වය සම්බන්ධයෙන් සකස් කරගත්ත වාර්තාව ක‍්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කරලා එනවද නැද්ද කියන එක පිළිබඳව දන්වනවා.’’ යනුවෙනි.

පාකිස්තානයේ ආරක්ෂාව තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සෑහීමකට පත්ව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ. යම් හෙයකින් එහි තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සෑහීමකට පත් නොවූයේ නම් අදාළ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. නමුත් වත්මන් තත්ත්වය අනූව දෙරට අතර ටෙස්ට් තරගාවලිය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලොව කිසිදු රටක් පාකිස්තානයේ තරග කිරීම වාරණය කරද්දී සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම් පමණක් පසුගිය වසර දහයක අතරතුර කාලයේදී එහි සංචාරය කර තිබේ. ශී‍්‍ර ලංකා පිල විස්සයි විස්ස තරගාවලියක පසුගිය වසරේදී පාකිස්තානයේ සංචාරය කළ අතර සිම්බාබ්වේ කණ්ඩායම තෙවරක්ම පාකිස්තානයේදී එක්දින තරගවලට සහභාගි විය. කෙසේ වෙතත් පාකිස්තාන් පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියද පාකිස්තානයේ පැවැත්වීමට ඔවුන් මෙවර බලාපොරොත්තුවේ. ඒ සඳහා ලොව ප‍්‍රධානතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දැනටමත් එකඟ වී ඇති බවද පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය දන්වා සිටියි.

අසේල විතාන

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles