Divaina - ‘‘ පුහුණුකරු තනතුරට එනවද කියා මහේලගෙන් ඇසුවා’’ - ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


  harin
 
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධනට තමන් ආරාධනා කළ බවත් ඔහු තවමත් ඒ සඳහා සූදානම් නැති බව තමාට පැවසූ බවත් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
 
 ඉන්දියානු මාධ්‍ය විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පුහුණුකරු ධුරය භාර ගන්නේදැයි මහේලගෙන් විමසන ලදුව තමාට එවැනි ඇරයුමක් නොමැති බව සඳහන් කළ ප‍්‍රවෘත්තියක් පළ විය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ක‍්‍රීඩා ඇමැතිවරයා ඉහත පිළිතුරු ලබාදුන්නේය.
 
 ‘‘මම දන්නෙ නැහැ මහේල ඉන්දියානු මාධ්‍යයට මොනව කිව්වද කියලා. මම කැමැතියි එතුමා එනවට. මොකද මම කිහිප වරක්ම කතා කළා. මගේ දුරකතනයේ තියෙනවා බොරුනම් බලන්න පුළුවන් ඔහුට යවපු කෙටි පණිවුඩ.
 
 මම හිතන්නෙ ලංකාවට දැන් අවශ්‍ය අලූත් පරපුරට හරියන පුහුණුකරුවෙක්. පරණ අදහස්වලට සහ ඒ ක‍්‍රමවේදයට යන පුහුණුකරුවෙක් ගැළපෙන්නේ නැහැ. මහේල ජයවර්ධනගේ සාර්ථකත්වය ඔහු අලූත් විදිහට පුහුණුකරන එක. ඔහු එනවනම් මම ගොඩක් කැමැතියි.’’ යනුවෙන් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ඇමැතිවරයා යළිත් වරක් මෙසේ පැවසීය. ‘‘අපි දැනට නම් කරලා තියෙනවා ලෝකයේ මුල් පස්දෙනා අතර ඉන්න පුහුණුකරුවන් තුන්දෙනෙක්. එක්කෙනෙක් ඕන වෙලාවක එන්න සුදානම්. අනිත් දෙන්නා අත්සන් කරලා තියෙන කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත් වෙලා එන්න ඕන.’’
 
 චන්දික හතුරුසිංහ මහතාට අසාධාරණයක් නොකරන බවත් ඔහුගේ දක්ෂතා අඩුවන විට ඔහු ඒ සම්බන්ධව තේරුම් ගත යුතු බවත් නැතිනම් සැලැස්මක් දිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
 
 කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ නවීකරණය කරන ලද ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles