Divaina - මහනුවර පැරද වූ ගාල්ල තෙවැනි තැන දිනයි - මහනුවර ලොහාන්ගෙන් කඩුලූ ති‍්‍රත්වයක් - 19න් පහළ අන්තර් පළාත් සිව්කොන් කි‍්‍රකට් තරගාවලිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p16 2වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සිව්කොන් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් මහනුවර කණ්ඩායම හමුවේ ලකුණු 09 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. එ් අනුව 2019 වයස අවුරුදු 19න් පහළ අන්තර පළාත් තරගාවලියේ තුන් වැනි ස්ථානය හිමි කර ගැනීමට ගාල්ල පළාත් කණ්ඩායම සමත් විය.
 
 කාසියේ වාසිය දිනා දඹුල්ල කී‍්‍රඩාංගණයේ පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 46.4කදී සියලූ දෙනා දැවී ලකුණු 302ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම හඹා ගිය මහනුවර කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 293ක් පමණි. මහනුවර ඉනිම ඇරැුඹූ කවිඳු වික‍්‍රමසිංහ සහ අවිශ්ක පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් විය. පන්දු 69නට මුහුණ දී ලකුණු 59ක් වාර්තා කිරීමට කවිඳු වික‍්‍රමසිංහ සමත් වූ අතර අවිශ්ක පෙරේරා පන්දු 63කදී ලකුණු 55ක් වාර්තා කිරිමට සමත් විය.
 
 ගාල්ල පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 147ක් එක් කිරීමට සමත් වූහ. එහිදී සීඝ‍්‍රගාමී ඉනිමක් දියත් කළ නවෝද් පරණවිතාන පන්දු 58කදී ලකුණු 91ක් ගාල්ල ඉනිමට එක් කිරීමට සමත් විය. එම ඉනිමට හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විණි. නවෝද සමග අනෙක් පසින් කි‍්‍රයාත්මක වූ චිලාන් කවිඳු පන්දු 64කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 76ක් රැුස් කළේය. තවීෂ කහතුඩුවආරච්චි පන්දු 51කින් අර්ධ ශතකයක් වාර්තා කළ අතර එම ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කිරීමට ඔහු වග බලා ගත්තේය.
 
 සීඝ‍්‍රගාමී ගාල්ල ඉනිමට තිත තැබූ ලොහාන් ද සිල්වා ඊයේ කඩුලූ ති‍්‍රත්වයක් ලබා ගැනීමට සමත් විය. පිළිවලින් තෙවින් අමරසිංහ (02), දුලිත් වෙල්ලාලගේ (00) සහ සඳුන් මෙන්ඩිස් (00) කී‍්‍රඩාගාරයට හරවා යැවූ ලොහාන් සිය පන්දුවාර 10 නිමා කරද්දී ලකුණු 48කට නිලකුණු පන්දුවාර 2ක් සමගින් කඩලූ 5ක් ඔහුගේ නම ඉදිරියේ සටහන්ව තිබිණි.
 
 ලකුණු සටහන
 
 ගාල්ල පන්දුවාර 46.4කදී සියලූ දෙනා දැවී ලකුණු 302යි (නවෝද් පරණවිතාන 91, චිලාන් කලිඳු 76, කවීෂ කහතුඩුවආරච්චි 57, ලොහාන් ද සොයිසා 48/5, රොහැන් සංජය 55/2)
 
 මහනුවර පන්දුවාර 49.1කදී සියලූ දෙනා දැවි ලකුණු 293යි (කවිඳු වික‍්‍රමසිංහ 59, අවිෂ්ක පෙරේරා 55, අභිෂේක් ආනන්ද කුමාර 36, ලොහාන් ද සොයිසා 44)

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles