Divaina - නවසීලන්තය දැල්පන්දු ලෝක ශූරතාව දිනයි - වසර 16 කට පසුව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 1රටවල් 16 ක සහභාගීත්වයෙන් පැවැති 15 වැනි දැල්පන්දු ශූරතාව කරට කර සටනකින් පසුව එක් ගෝලයකින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය. පෙරේදා රාත‍්‍රියේ ලිවර්පූල් එරිනා ක‍්‍රීඩා සංකිර්ණයේදි ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව තියුණු ජයක් ලැබු නවසීලන්තය ඉතිහාසයේ සිව්වැනි වරටත් දැල්පන්දු ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය වෙනුවෙන් දෙපිලම ආරම්භයේ සිට කරට කර සටනක නිරත වුවද පළමු භාගය අවසන් වීමට විනාඩි පහක් තිබියදී ඉදිරියට පැන ගත් නවසීලන්තය ගෝල 28-25 ක් වශයෙන් ඔස්ටේ‍්‍රලියාව පසුපසට තල්ලූ කර දැමුවේය. එම ඉදිරිය සමග තවත් ලකුණු හයක පරතරයක් සමග ඉදිරියට පැමිණි නවසීලන්තයට පහසුවෙන් ලෝක කුසලාන හිමිකර ගතහැකි ලකුණු පහළ වුවද ඔස්ටේ‍්‍රලියාව යළිත් කර කරට සටනකට පැමිණෙමින් පරතරය එක් ලකුණක් දක්වා අඩු කර ගත්තේය.

අවසන් විනාඩි දෙකේදී ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවක් අතින් පන්දුව ගිලිහී නොගියේ නම් තත්ත්වය වෙනස් වීමට තිබුණි. කෙසේ වෙතත් අවසානයේ ලකුණු 52-51 ක් වශයෙන් තෙවරක්ම පිට පිට දැල්පන්දු ලෝක ශූරතාව හිමිකරගත් ඔස්ටේ‍්‍රලියාව පරාජය කර දැමීමට නවසීලන්තයට හැකිවිය.

1963 දී ආරම්භ වු දැල්පන්දු ලෝක කුසලාන 11 වරක් දිනා ගැනීමට නවසීලන්තය සමත් වෙද්දී ඉකුත් 2007, 2011 සහ 2015 දැල්පන්දු ලෝක ශූරතාම තුනම ඔවුන් පිට පිටම ජය ගනිද්දී එහි අනුශූරයන් වුයේ නවසීලන්තයයි. වසර 16 කට පසුව දැල්පන්දු ලෝක ශූරතාවක් දිනාගත් නවසීලන්තය මිට පෙර 1967, 1979. 1987 සහ 2003 වසරවලදී ලෝක දැල්පන්දු ශූරතාව දිනාගෙන තිබේ.

මෙවර දැල්පන්දු ශූරතාවලියේදී සියවැනි ජාත්‍යන්තර දැල්පන්දු තරගයට ක‍්‍රීඩා කළ තර්ජනී සිවලිංගම් සමස්ත තරගාවලියේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක‍්‍රීඩිකාව වු අතර එම ගෝල සංඛ්‍යාව 348 කි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව තරගාවලියේදී වාර්තා කරනු ලැබුවේ සිංගප්පුරුවට එරෙහිව තරග දෙක පමණි. දැල්පන්දු ලෝක ශූරතාව අවසානයේදී සහභාගි වූ රටවල් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි තැන සත්කාරක එංගලන්තය විසින් දිනා ගන්නා ලදී.

අසේල විතාන ලිවර්පූල් සිට

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles