Divaina - 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඔස්ටේ‍්‍රලියාවට ලකුණු 49ක ජයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


sport 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග ඊයේ (13 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් විය. පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 49 කදී සියලූ දෙනා දැවී ලකුණු 307 ක් ලබා ගත්තේය. එ් අනුව ටෝන්ටන් කී‍්‍රඩාංගණෙ ය්දී ලකුණු 308ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 45.2 කදී ලකුණු 266කට සියලූ දෙනා දැවී ගියේය.
 
 පාකිස්තාන පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 2කට සීමා කිරීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු ලබා ගැනීමට පෙරාතුවම හරවා කී‍්‍රඩාගාරයට යැවීමට පැට් කමින්ස් සමත් විය. ඉමාම් උල්හක් පන්දු 75ක් වැය කරමින් අර්ධ ශතක ඉනිමක් කී‍්‍රඩා කළ අතර හතරේ පහර 7ක් ඊට ඇතළත් විය.පැට් කමින්ස් පන්දුවාර 10 නිමා කරද්දී ලකුණු 33කට කඩලූ 3ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබිණි.
 
 ඊයේ ඔස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භ කළ එ්රන් ෆින්ච් සහ ඬේවිඞ් වෝනර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 146ක සබඳතාවක් පැවැත්වීමට සමත් විය. එහිදී තරගයේ කි‍්‍රයාත්මක කළ 22 වැනි පන්දුවාරයේදී මොහොමඞ් අමීර් යැවූ පන්දුවක් හමුවේ එ්රන් ෆින්ච් ලකුණු 82කට දැවී යද්දී ඔහු පන්දු 84කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කොට තිබිණි. ශතක ඉනිමක් කී‍්‍රඩා කළ ඬේවිඞ් වෝන්ර් පන්දු 111කදී ලකුණු 107ක් ලබා ගත්තේය. ශහීන් ශාහ් යැවූ පන්දුවක් හමුවේ ඉමාම් උල්හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් වෝනර් දැවී යන විටදී හතරේ පහර 11කින් සහ හයේ පහර එකකින් පාකිස්තාන පන්දු යවන්නන් හට සංග‍්‍රහ කර තිබිණි.
 
 dilogපාකිස්තානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් අමීර් සිය පන්දුවාර 10 ලකුණු 30කට නිමා කරමින් ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ කඩුලූ 5ක් බිඳ දැමීමට සමත් විය. ශහීන් ශාහ් පන්දුවාර 10 තුළදී ලකුණු 70ක් ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ට දායාද කරමින් කඩලූ 2ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.
 
 ලකුණු සටහන
 
 ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර 49කදී සියලූ දෙනා දැවී ලකුණු 307 යි. (එ්රන් ෆින්ච් 82, ඬේවිඞ් වෝනර් 107, මොහොමඞ් අමීර් 30/5, ශහීන් ශාහ් 10/2)
 
 පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 45. 4කදී සියලූ දෙනා දැවී ලකුණු 266 යි (ඉමාම් උල්හක් 53, බාබර් අසාම් 30, මොහොමඞ් හෆීස් 46, හසාන් අලී 32, සෆ්රාස් අහමඞ් 40, වහබ් රියාස් 45, පැට් කමින්ස් 33/3, )

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles