Divaina - ලෝක කුසලාන තරගවලට අතිරේක දින යොදා ගැනීම ප‍්‍රායෝගික නැහැ - අයි.සී.සී. ප‍්‍රධානී ඬේවිඞ් රිචඞ්සන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 2ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට කාලගුණයෙන් එල්ල වන බාධා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට බොහෝ පිරිසක් ඇ`ගිල්ල දිගු කරද්දී එහි ප‍්‍රධානී ඬේවිඞ් රිචඞ්සන් මහතා පවසන්නේ තරගයකට අතිරේක දිනයක් යොදා ගැනීම පහසු නොවන කටයුත්තක් බවයි.

‘‘සෑම තරගයක් සඳහා අතිරේක දිනයක් යොදා ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. එහෙම කළොත් තරගාවලිය පවත්වන කාලය තවත් දිග්ගැස්සෙනවා. එවැනි දෙයක් ප‍්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශේෂයෙන් අතිරේක දිනයක් යොදා ගැනීමේදී කණ්ඩායම්වලට ලැහැස්තිවීමට ඇති කාලය, තවත් තැනකට ගමන් කිරීමේ ගැටලූව, නවාතැන් සහ ස්ථාන, ස්වේච්ඡුා සේවකයින්, විකාශන කටයුතු සහ ප‍්‍රවාහන යන ආදී ගැටලූ රාශියකට මුහුණ දෙන්න වෙනවා.’’ යැයි රිචඞ්සන් මහතා පවසයි.

මේ වන විට පැවැති ලෝක කුසලාන තරග 17 න් තුනක්ම වැස්සට සේදී ගිය අතර ඉන් තරග දෙකකම කාසියේ වාසිය උරගා බැලීමට නොහැකි විය. ශ‍්‍රී ලංකාවට පාකිස්තානය සහ බංග්ලාදේශය සමග තරගය වැස්සට සේදී යද්දී දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගයද වැස්සට සේදී ගියේය. පැවැති තරග 17 න් තුනක්ම තීරණයක් රහිතව අවසන් වෙද්දී අනෙක් තරග 15 න් 10 කට පමණ කඩින් කඩ වැසි වැටීමෙන් බාධා එල්ල විය.

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය අනූව වර්ෂාව හේතුවෙන් තීරණයක් රහිතව අවසන් වූ වැඩිම තරග සංඛ්‍යාව (03) මෙවර ලෝක කුසලානයේදී වාර්තා වූ බව සඳහන් වේ. 1992 සහ 2003 ලෝක කුසලානවලදී තරග දෙක බැගින් මීට පෙර වාර්තා වී තිබුණි. නමුත් මෙවර එය අභිබවා යමින් මේ වන විට තරග 3 ක් වැස්සට සේදී ගොස් තිබේ.

‘මෙය ඉතාමත් අසාමාන්‍ය කාලගුණයක්, පසුගිය දින කිහිපය තුළ සාමාන්‍යයෙන් එක්සත් රාජධානියට තෙවැනි වියළි කාලගුණය වාර්තා වෙනවා. ඒත් මෙවර ජුනි මාසයේදී සාමාන්‍ය වර්ෂාපතනයටත් වඩා දෙගුණයක් වැසි වැස්සා. වැස්සෙන් බාධා වුණත් අපි හැම විටම පේ‍්‍රක්ෂකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙනවා.’’ යැයි රිචඞ්සන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අසේල විතාන ලන්ඩන් සිට

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles