Divaina - ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවට ශ‍්‍රී ලංකා පිල 23 දා ජපන් යයි

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවට සහභාගි වන තරුෂි  දුලංගිගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල ලබන 23 වැනිදා ජපානයේ කෂීමා නගරය බලා පිටත්ව යෑමට නියමිතය.
 
 අදාළ තරගාවලිය ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා පිල දිගින් දිගටම පුහුණුවීම් කළ අතර ජාතික දැල්පන්දු කණ්ඩායම සමගද පුහුණු තරග කිහිපයකට සහභාගි විය. යොවුන් දැල්පන්දු තරගාවලිය ආසියානු කලාපයේ වයස අවුරුදු 21 ට ක‍්‍රීඩිකාවන් පමණක් සහභාගි වේ.
 
 ලබන මස 29 වැනිදා තරගාවලිය ආරම්භ වන අතර ඒ සඳහා රටවල් 11 ක් සහභාගි වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිල ‘ඒ’ කණ්ඩායමෙන් තරග වදින අතර එහිදී ප‍්‍රතිවාදීන් වන්නේ දකුණු කොරියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල් වේ. ශ‍්‍රී ලංකාවේ පළමු සටන ලබන මස 29 වැනිදා දකුණු කොරියාව සමග පැවැත්වේ.
 
 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව ශ‍්‍රී ලංකාව තුන් වරක් සහ අනුශූරතාව පස්වරක් දිනා තිබේ. නමුත් අවසන් වරට පැවැති තරගාවලියේදී ශ‍්‍රී ලංකාව තෙවැනි තැනට පත්විය. අවසන් වරට ශ‍්‍රී ලංකාව ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව දිනා ඇත්තේ 2015 වසරේදීය.
 
 කණ්ඩායමේ පුහුණුකාරිය වශයෙන් තමරා දමයන්ති කටයුතු කරන අතර කළමනාකරු වශයෙන් වජිරා පුෂ්පකුමාරි මහත්මිය පත්කර තිබේ.
 
 ආසියානු දැල්පන්දු ශූරතාවට යන ශ‍්‍රී ලංකා පිල
 
 තරුෂි දුලංගි (නායිකා), මෙලන් අමා විජේසිංහ, ශාක්‍යා නෙතලි සේනානායක, කාවින්දි රන්දිමා, ඩිලානි නිමල්කා, තිළිණි දිමිත‍්‍රි, ඉමාෂා පෙරේරා, අනීෂා දුල්ෂානි, දෙව්නා රන්දිනි, උත්පලා රත්නායක, විජමිතා නුවන්දි, කාවින්දා අඹවිහාරේ

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles