Divaina - අපි කැමැති තරග දිනලා උඩට යන්න; තව තරග දෙකක් දිනුවොත් අවසන් පූර්ව වටයට යන්න පුළුවන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 අසේල විතාන බි‍්‍රස්ටල් සිට
 
 dimusලෝක කුසලාන අවසන් පූර්ව තරගයට යෑමට නම් අවම වශයෙන් තරග දෙකක් හෝ ජය ගත යුතු බවත් ඒ වෙනුවෙන් උපරිමය කිරීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවත් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. ඊයේ (11 දා* බංග්ලාදේශය සමග තරගය වර්ෂාවට අතහැර දැමීමෙන් පසුව ශ‍්‍රී ලංකා නායකයා මෙම අදහස් පළ කර සිටියේය.
 
 ‘‘වැස්ස කියන දේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇෆ්ගනිස්තානය සමග තරගය ජයග‍්‍රහණය කරලා දවස් 11 කට පස්සෙ තමයි ඔස්ටේ‍්‍රලියාව සමග තරගයට සහභාගි වෙන්න වෙන්නෙ. අපි කැමැති නිකන් ප‍්‍රසාද ලකුණු අරගෙන යන්න නෙමෙයි තරග දිනලා අවසන් පුර්ව වටයට යන්නයි.’ යනුවෙන් කරුණාරත්න පවසයි.
 
 මෙවර ලෝක කුසලානයේදී මේ වන විට ශ‍්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකක් කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකිව අතහැර දැමීමට සිදුවිය. ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේදී මෙවැනි දෙයක් අත්විදීමට සිදුවු පළමු අවස්ථාව මෙය වේ. එය කණ්ඩායමේ මානසිකත්වයට කෙසේ බලපානු ඇතිදැයි කරුණාරත්නගෙන් විමසන ලදුව,
 
 ‘‘ඇත්තටම ලෝක කුසලාන වගේ දීර්ඝ කාලයක් පැවැත්වෙන තරගාවලියකදී අතිරේක දිනයක් යොදා ගන්න එක පහසු නැහැ. එක් තැනක ඉදලා තවත් තැනක ගමන් කිරීමත් පහසු නැහැ. කොහොම වුණත් අතිරේක දිනයක් තිබ්බනම් හොඳයි. නමුත් මේ තරගාවලියේදී එක් කණ්ඩායමක් තරග නවයක් ක‍්‍රීඩා කරනවා ඒ නිසා අතිරේක දිනයක් යොදා ගැනීම පහසු නෙමෙයි.’’
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ලසිත් මාලිංග සහ නුවන් ප‍්‍රදීප් ඔස්ටේ‍්‍රලියාව සමග ලබන සෙනසුරාදා තරගයට ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පසුවේ. ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නායකයා පවසන්නේ මෙවැනි අදහසකි.
 
 ‘‘නුවන් ප‍්‍රදීප්ගේ තත්ත්වය ගැන තවම කියන්න බැහැ. ඔහුගේ ආබාධයෙන් පසුව පන්දු රකින්න පුළුවන්ද පන්දු යවන්න පුළුවන් කියන එක බලන්න ඕන. ඒ නිසා ඔහු වෙනුවට වෙනත් ක‍්‍රීඩකයකු ඔස්ටේ‍්‍රලියානු තරගයට යොදා ගන්න වේවි. ලසිත් මාලිංග ලංකාවට ගිහින් ඔස්ටේ‍්‍රලියානු තරගයට එන බව කිව්වා. බැරි වෙලාවත් ඔහුට එන්න බැරි වුණොත් ඊළඟ තරගයට මාලිංග අයියා අනිවාර්්‍යයෙන් එනවා. නමුත් ඔහු අපිට පොරොන්දු වුණා ඔස්ටේ‍්‍රලියාව සමග තරගයට එනවා කියලා.’’
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායමට පැය තුනක කාලයක් අද සිට හෙට දිනයේදී පුහුණුවීම් කිරීමට ඕවල් ක‍්‍රීඩාංගණයේදී කාලය වෙන් කර තිබේ. එම පුුහුණුවීම්වලදී තවත් දක්ෂතා ඔප්නංවා ගනිමින් ඉදිරි තරග ජයගැනීමට උත්සහ කරන බවද කරුණාරත්න පවසයි.
 
 ‘‘අපි බලන්නෙ හැම තරගයක්ම දිනන්න. ප‍්‍රසාද ලකුණු සටහනේ උඩ ඉන්න කණ්ඩායම් සමග තමයි අපිට ඊළඟට තරග කරන්න තියෙන්නෙ. කොහොම වුණත් හැම තරගයක්ම අභියෝගයක්. බලාපොරොත්තු වෙනවා උපරිමය යොදලා අවසන් පූර්ව තරගයට එන්න.’’
 

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles