Divaina - ශ‍්‍රී ලංකා යෞවනයෝ පෙරමුණ ගනිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

සංචාරක පාකිස්තානු වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 28කින් ජය ගැනීමට සමත් වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරගාවලිය 1-0ක් වශයෙන් පෙරමුණ ගැනීමට ඊයේ (26 වැනිදා) සමත් වූහ.
 
 සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 234 ක් රැුස් කිරීමට සමත් විය. එ් අනුව පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 47.3කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.
 
 ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නවෝද් පරණවිතාන ලකුණු 54ක් සහ කමිල් මිෂාර ලකුණු 65ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක්වී ලකුණු 122 ක සම්බන්ධතාවකින් ඉනිම ශක්තිමත් කළේය. මීට අමතරව මොහොමඞ් ශිවාෂ් ලකුණු 42ක් වාර්තා කිරීමට සමත් විය.
 
 පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් හයිදර් අලි ලකුණු 51ක් සහ රොහයිල් නසීර් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් විය. පාකිස්තානු ඉනිමේ අවසන් කඩලූ 5 ලකුණු 11ක් තුළ බි`ද දැමීමට ශී‍්‍ර ලංකා පන්දු යන්නෝ සමත් වූහ.
 
 ලකුණු සටහන
 
 ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලූ 9ක් දැවී ලකුණු 234යි (නවෝද් පරණවිතාන 54, කමිල් මිෂාර 65, මොහොමඞ් ශීවාෂ් 42, මොහොමඞ් ජුනයිඞ් 47/2)
 
 පාකිස්තාන 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 47.3කදී සියලූ දෙනා දැවී ලකුණු 208යි ( සයිම් අයුබි 31, හයිදර් අලි 51, රොහයිල් නසීර් 47, දුමිදු තිලකරත්න 48/3, නවෝද් පරණවිතාන 31/2)
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles