Divaina - ‘එ්’ කණ්ඩායමට ඉන්දියාවෙන් ලොකු අභියෝගයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

සංචාරක ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය ‘එ්’ කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විටදී පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම කඩුලූ 4ක් දැවී ලකුණු 83ක් ලබා සිටියේය. එ් අනුව නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක අශාන් ප‍්‍රියන්ජන් ලකුණු 22ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 25ක් ලබා සිටියේය.
 
 කාසියේ වසිය දිනා බෙලගාවි තණතීරුවේ පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ ඉන්දීය කණ්ඩයාම පළමු ඉනිමට කඩුලූ 5ක් පමණක් දැවී ලකුණු 622ක් වාර්තා කිරීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකරු පි‍්‍රයන්ක් පන්චාල් ලකුණු 160ක් සහ අභිමන්‍යු ඊෂ්වර්න් ලකුණු 233ක් ලබා ගත් අතර අන්මෝල්පි‍්‍රට් සිං ලකුණු 116ක් ලබා ගැනීමට සමත් විය.
 
 ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් සංගීත් කුරේ ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය ‘එ්’ පන්දු යවන්නෝ සමත් වූහ. පැතුම් නිශ්ශංක ලකුණු 06කට පිටියෙන් ඉවත් වූ අතර භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියේය. සදීර් සමරවික‍්‍රම ලකුණු 31කට දැවී ගියේය.
 
 ලකුණු සටහන -
 
 ඉන්දීය ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමට පන්දුවාර 142කදී කඩුලූ 5ක් දැවී ලකුණු 622යි. (පි‍්‍රයන්ක් පන්චාල් 160, අභිමන්‍යු ඊෂ්වර්න් 233, අන්මෝල්පි‍්‍රට් සිං 116, සිද්ධේෂ් ලාද් 76 , විෂ්ව ප‍්‍රනාන්දු 83/2)
 
 ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම පළමු ඉනිමට පන්දුවාර 28කදී කඩුලූ 4ක් දැවී ලකුණු 83යි ( සදීර සමරවික‍්‍රම 31, අශාන් ප‍්‍රියන්ජන් (නොදැවී) 22, නිරෝෂන් දික්වැල්ල (නොදැවී) 25, සන්දීප් 30/2, ෂිවාම් ඩුබි 11/2)

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles