Divaina - ධම්මික සහ නිසංසලා මැරතන් තරග දිනති - 45 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 445 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලෙ අනුරාධ පුරයේදී ආරම්භ විය. එ් අනුව විදුලි සංදේශ, විදේශ රැුකියා සහ කී‍්‍රඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ අදාළ තරගාවලියේදී පිරිමි සහ කාන්තා මැරතන් තරග, මෙන්ම පිරිමි සහ කාන්තා ඇවිදීමේ තරග පැවැත්විණි.
 
 එහදී පිරිමි මැරතන් තරගයේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට උතුරු මැද පළාත නියෝජනය කරමින් තරග වැදුනු ධම්මික අරුණසිරි සමත්වූ අතර ඔහු දැක්වූ දක්ෂතාවය පැය 2කි. එම ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගනු ලැබුවේ බස්නාහිර පළාත නියෝජනය කළ ජී.ඞී. සඳරුවන් ක‍්‍රීඩකයා විසිනි. ඒ සඳහා ඔහු ගතකළ කාලය වන්නේ පැය 2.32.00ක කාලයකි. බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුණු තිස්ස ගුණසේකර ක‍්‍රීඩකයා තුන්වන ස්ථානය හිමිකර ගත් අතර ඔහු වාර්තා කළ කාලය වන්නේ පැය 2.32.03කි.
 
 කාන්තා මැරතන් ඉසව්වේ ප‍්‍රථම ස්ථානය සබරගමු පළාත නියෝජනය කළ නිසංසලා බණ්ඩාර විසින් වාර්තා කළ අතර එ් ස`දහා ඇය ගතකළ කාලය වන්නේ වන්නේ පැය 2.59.40කි. මධ්‍යම පළාත නියෝජනය කරනු ලැබූ වේලූ ක‍්‍රිෂාන්ති ක‍්‍රීඩිකාව දෙවන ස්ථානය හිමිකර ගත් අතර එහිදී ඇය වාර්තා කළ කාලය පැය 3.03.28කි. සබරගමු පළාත නියෝජනය කළ දිල්හානි ලියනගේ ක‍්‍රීඩිකාව තුන්වන ස්ථානය හිමිවූ අතර ඇය වාර්තා කරනු ලැබූ කාලය පැය 3.04.40කි.
 
 පිරිමි ඇවිදීමේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය උතුරු මැද පළාත නියෝජනය කරනු ලැබූ එස්. එස්. දුනුකාර ක‍්‍රීඩකයා විසින් දිනා ගත් අතර ඔහු වාර්තා කළ කාලය පැය 1.38.38ක කාලයකි. එහි දෙවන ස්ථානය ජී. එස්. චන්දික ක‍්‍රීඩකයාට හිමි වූ අතර ඔහු වාර්තා කරනු ලැබූ කාලය පැය 1.39.09කි. එම ඉසව්වේ තුන් වැනි ස්ථානය නිරෝෂන් අප්පුහාමි ක‍්‍රීඩකයා විසින් හිමිකරගත් අතර ඔහු වාර්තා කළ කාලය පැය 1.42.19කි.
 
 කාන්තා ඇවිදීමේ තරගයේ ප‍්‍රථම ස්ථාන පී. බී. ගයනි ක‍්‍රීඩිකාවට හිමි වු අතර ඇය දැක්වූ දක්ෂතාවය පැය 1.54.28ක කාලයකි. දෙවන ස්ථානය දිනා ගැනීමට දිනූෂා දිල්හානි ක‍්‍රීඩිකාව සමත්වූ අතර ඇය එහිදී පැය 2.04.24ක කාලයකින් තරගය නිමා කිරිමට සමත් වූවාය. එම ඉසව්වේ තුන්වන ස්ථානය ලක්ෂ්මි කල්‍යාණි ක‍්‍රීඩිකාවට හිමි වූ අතර පැය 2.08.11ක කාලයක් වාර්තා කිරීමට ඇය සමත් වූවාය.
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles