Divaina - ශී‍්‍ර ලංකා - ස්කොට්ලන්ත දෙවැනි එක්දින තරගය අවිශ්ක - දිමුත් හා මෙන්ඩිස් අර්ධ ශතක ලබති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 ccccශ‍්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එඩින්බර්ග් හි පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේ පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුලූ 8 ට ලකුණු 322 ක් ලබා ගත්තේය.
 
 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කරමින් සිටි ස්කොට්ලන්තය වාර්ෂාව හේතුවෙන් තරගය නවතා දමන විට පන්දුවාර 27 කදී කඩුළු තුනක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය.
 
 කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත නායකයාගේ ඇරැුයුමෙන් ඉනිම ඇරඹූ අවිශ්ක ප‍්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න පළමු කඩුල්ලට පන්දු 133 කදී ලකුණු 123 ක සබඳතාවක් පැවැත්වූහ.
 
 පන්දු 61 කදී අර්ධ ශතකය ලබාගත් අවිශ්ක සිය ඉනිම අවසන් කරන විට පන්දු 78 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 74 ක් ලබා ගත් අතර නායක දිමුත් කරුණාරත්න පන්දු 88 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 77 ක් ලබා ගත්තේය.
 
 අංක 3 පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස් පන්දු 56 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමග ලකුණු 66 ක් ලබාගත්තේය. අංක 4 පිතිකරුවා ලෙස පැමිණි තිසර පෙරේරා පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට ලබාගත හැකි වූයේ ද එක් ලකුණක් පමණි.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයන් දෙදෙනකු වන ලසිත් මාලිංග සහ කුසල් පෙරේරා මෙම තරගයේදී විවේක ගන්වා තිබුණි. මැද පෙළෙන් ශී‍්‍ර ලංකා ඉනිම ඔසවා තැබූ ළහිර ැ තිරිමාන්න පන්දු 40 කදී නොදැවී ලකුණු 44 ක් ලබා ගැනීමට සමත් විය. ස්කොට්ලන්තයේ පළමු කඩුළු 2 නුවන් ප‍්‍රදීප් විසින් තෙවැනි කඩුල්ල ඉසුරු උදාන විසින් ද දවාගන්නා ලදී.
 

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles