Divaina - කණ්ඩායමේ සියලූම දෙනා ශක්තිමත් බැඳීමකින් ඉන්නවා - අසන්ත ද මැල් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

asantaලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් එංගලන්තයට ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම හොඳ කායික සහ මානසිකත්වයකින් ඉකුත් දින අටක කාලයක් පුරා පුහුණුවීම් කරමින් සන්නද්ධ වී සිටින බව කණ්ඩායම් කළමනාකරු සහ ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසයි.
 
 ලෝක කුසලානට පෙරහුරුවක් වශයෙන් ස්කොට්ලන්තය සමග පැවැති පළමු පුහුණු තරගය වැස්සට සේදී ගියද ඊට පෙර දින අටක කාලයක් මිඞ්ල්සෙක්ස් හී මර්චන්ට් ටේලර් පාසල් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා පිළ පුහුණුවීම්වල නිරතව තිබේ.
 
 ‘සතියක පමණ කාලයක් හොඳ පුහුණු සැසි කිහිපයකටම සහභාගි වුණා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. කණ්ඩායමේ සියලූ දෙනා හොඳ සාමූහික ප‍්‍රයත්නයකින් පුහුණුවීම්වල නිර ත වෙනවා. ‘අපි විශේෂ කුසලතා පුහුණුවීම්වලත් නිරත වුණා’ යැයි අසන්ත ද මැල් මහතා මාධ්‍ය හමුවේ පවසා තිබේ.
 
 සියලූම ක‍්‍රීඩකයන් ඉතාමත් හොඳ යෝග්‍ය තත්ත්වයකින් පසුවන බවත් ස්කොට්ලන්ත තරගය ලෝක කුසලානට හොඳ පෙරහුරුවක් බවත් අසන්ත ද මැල් මහතා පවසයි.
 
 ශ‍්‍රී ලංකාව ලෝක කුසලානට පෙර ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව සමග පෙරහුරු තරගවලටද සහභාගි වීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ ලෝක කුසලාන සමාරම්භක තරගය නවසීලන්තය සමගින් ලබන මස 1 වැනිදා කාඩිෆ් හිදී පැවැත්වේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles