Divaina - ලෝක කුසලාන කතිකයෝ.... එංගලන්තය හොදම කණ්ඩායමක් ; කුමාර් සංගක්කාර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
sanga135 තවත් දින අටකින් එංගලන්තයේ ආරම්භ වන 12 වැනි ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලොව පුරා සජීවි කතනය කිරීම හෙවත් විස්තර විචාරය සදහා 20 දෙනකුට අධික කණ්ඩායමක් අයි. සී. සී. ය විසින් නම් කර තිබේ. එ් අතරට ශ‍්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරද ඇතුළත්ව තිබේ.
 
 අදාළ ලැයිස්තුවට ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී චරිත ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. අයි. සී. සී. ය විසින් ඇතුළත් කර ඇති විස්තර විචාරක කණ්ඩායමට කුමාර් සංගක්කාරට අමතරව නසීර් හුසේන්, ඊයන් බිෂොප්, සව්රව් ගංගුලි, මෙලනි ජෝන්ස්, මයිකල් අතර්ටන්, ඇලිසන් මිචෙල්, බ්‍රෙන්ඩන් මැකලම්, ග‍්‍රැහැම් ස්මිත්, වසීම් අක‍්‍රම්, ෂෝන් පොලොක්, මිලෙච් ස්ලෙටර්, මාර්ක් නිකොලොස්, මිචෙල් හෝල්ඩින්ග්, ඊෂා ගුහා, පොමි එම්බාන්ග්වා, සංජේ මන්ජේකාර්, හර්ෂා බෝග්ලි, සයිමන් ඩෝල්, ඉයන් ස්මිත්, රමීස් රාජා, ආතර් අලී ඛාන් සහ ඉයන් වුඞ් ඇතුළත් වෙති.
 
 මෙවර ලෝක කුසලානයේ පැවැත්වෙන පුහුණු තරගද පළමු වරට සජීවීව විකාශනය කරන අතර ලෝක කුසලාන තරගාවලියේ සමස්ත තරග 48 ම දින 46 ක් තුළදී ආවරණය කිරීමට නියමිතව තිබේ. අවම වශයෙන් කැමරා 32 ක් එක් තරගයක් වෙනුවෙන් භාවිතා කරන අතර එහිදී සෑම අවස්ථාවක්ම පේ‍්‍රක්ෂකයාට බලා ගැනීමේ පහසුව එමගින් විවෘත වේ.
 
 එහිදී මෙවර ලෝක කුසලාන උණුසුම ගැන හිටපු ක‍්‍රිකට් තරු සහ වත්මන් විස්තර විචාරකයන් කිහිප දෙනෙකු මෙසේ අදහස් දක්වා තිබේ.
 
 කුමාර් සංගක්කාර
 
 මෙවර එංගලන්තයේ පැවැත්වෙන ක‍්‍රිකට් ලෝක කුසලානය ඉතිහාසයේ සුවිශේෂීතම ලෝක කුසලානයක් වනු ඇත. එ් වගේම සෑම තරගයක්ම ඉතාමත් උණුසුම් මුහුණුවක් ගන්නා ලෝක කුසලානයක් විය හැක. සත්කාරකත්වය දරන එංගලන්තය හොඳ විශිෂ්ට කණ්ඩායමක් වන අතර තවත් සුවිශේෂී කණ්ඩායම් කිහිපයක්ම සිටින බැවින් අපූරු ක‍්‍රිකට් තරග රැුසක් මෙවර දැක බලා ගැනීමට හැකි වනු ඇත.
 
 බ්‍රෙන්ඩන් මැකලම්
 
 ‘මට ලෝක කුසලාන ඉතිහාසයේ හොඳ මතක තිබෙනවා. 2015 දී අපි ගොඩක් මහන්සි වී වැඩකළත් අවසානයේදී අපි පුදුම වුණා. මෙවර නාට්‍ය ගොඩක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශිෂ්ට තරගාවලියක් වේවි කියා. ’
 
 වසීම් අක‍්‍රම්
 
 එළැඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ 1992 ලෝක කුසලාන පැවැති තරග ආකෘතියට සමානම ආකෘතියකට. සෑම කණ්ඩායමකටම අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව වටයට පැමිණීමට. සෑම අවුරුදු හතරකට වරක්ම පැවැත්වෙන මෙම ලෝක කුසලානයේදී ලොව සුපිරිම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තරග වදින්නේ මහත් බලාපොරොත්තු ඇතිව. හොඳ තරගාවලියක් දැක බලා ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. ’

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles