Divaina - අයර්ලන්තයට ඇෆ්ගනිස්තානය පරදී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p16 2ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය අතර ආරම්භ වූ එක්දින තරගාවලියේ පළමු තරගයේදීම විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. එ් අනුව ඇෆ්නිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 72ක ජයක් වාර්තා කරමින් 1-0ක් ලෙස තරගාවලිය් පෙරමුණ ගැනීමට අයර්ලන්තය සමත් විය.
 
 අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ ඇෆ්ගනිස්තාන නායක ගුල්බදීන් නයිබ් මුලින් පන්දු යැවීමට තීරණය කළේය. එ් අනුව පිටියට පිවිස් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 48.5කදී සියලූ දෙනා දැවී ලකුණු 210ක් වාර්තා කිරීමට සමත් විය. එහිදී නායක විලියම් පොටර්ෆීල්ඞ් සහ පෝල් ස්ටර්ලින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවයක් ගොඩ නැගූ අතර පෝල් ස්ටර්ලින් ලකුණු 71ක් රැුස් කළේය.
 
 ලකුණු 211 ජයග‍්‍රහි ඉලක්කයක් හඹා හෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 35.4කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණි. ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අස්ගාර් ඇෆ්ගන් ලකුණු 29ක් ද, මොහොමඞ් නබී ලකුණු 27ක් ද රැුස්කිරීමට සමත් විය. මාර්ක් අඬේර් කඩුලූ 4ක් හා බෝයිඞ් රැන්කින් කඩුලූ 3ක් බිඳ හෙළීමට සමත් විය.
 
 ලකුණු සටහන
 
 අයර්ලන්තය පන්දුවාර 48.5කදී සියල්ලන්ම දැවී ලකුණු 210යි (පෝල් ස්ටර්ලින් 71, විලියම් පොටර්ෆීල්ඞ් 53, කෙවින් ඕබ‍්‍රයන් 32, ජෝජ් ඩොක්රල් 14, ගැරී විල්සන් 10, අෆ්තාබ් අලාම් 3/28, දව්ලත් සද්රාන් 3/35, රශීඞ් කාන් 2/41.)
 
 ඇෆ්ගනිස්තානය පන්දුවාර 35.4කදී සියල්ලන්ම දැවී ලකුණු 138යි (අස්ගාර් ඇෆ්ගන් 29, මොහොමඞ් නබී 27, ගුල්බදීන් නයිබ් 20, රශීඞ් කාන් 16, හස්රතුල්ලා සසායි 14, හශ්මතුල්ලා ශහිදි 12, මාර්ක් අඬේර් 4/19, බෝයිඞ් රැුන්කින් 3/40, ටිම් මර්ටා 2/12.)
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles