Divaina - 45 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලෙ අනුරාධපුරයේදී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p16 545 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන්, පාපැදි සහ ඇවිදීමේ තරග අනුරාධපුර නගරය ආශි‍්‍රතව පැවැත් වීමට කටයුතු සූදානම් කර තිබේ. එ් අනුව අනිද්දා (23 වැනිදා) සිට 26 දක්වා අදාළ තරගාවලිය පැවැත්වන බවට කී‍්‍රඩා අමාත්‍යාංශය කියා සිටී. මෙම තරගාවලිය විදුලි සංදේශ, විදේශ රැකියා සහ කී‍්‍රඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබයි.
 
 කිලෝමීටර් 120ක් දුරැුති පිරිමි රේසින් පාපැදි තරගාවලිය මැයි 23 වැනිදා අනුරාධපුර වලිසිංහ කී‍්‍රඩාංගණය අසළින් උදෑසන 9ට ආරම්භ වේ. එහි කිලෝමීටර 56ක් දුරැති කාන්තා රේසින් පාපැදි තරගය එදිනම එම කී‍්‍රඩාංගණය අසලින් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. මීට අමතරව මැයි 24 වැනිදා පිරිමි හා කාන්තා ස්ටෑන්ඩර්ඞ් පාපැදි තරගය පැවැත්වන අතර එම තරගයද වලිසිංහ කී‍්‍රඩාංගණය අසලින් පිළිවෙලින් උදෑසන 9ට සහ සවස 3ට ආරම්භ වීමට නියමිතය. එහි පිරිමි තරගය කිලෝමීටර 120ක් සහ කාන්තා තරග කිලෝමිටර 56කින් යුක්ත වේ.
 
 තරගාවලියේ පිරිමි හා කාන්තා ඇවිදීමේ තරග මැයි 25 වැනිදා පැවැත්වෙන අතර එහි දුර කිලෝ මීටර් 20කි. කී‍්‍රඩා උළෙලේ අවසන් දිනය වන 26 වැනිදා පිරිමි සහ කාන්තා මැරතන් තරගය පැවැත්වේ. එහි පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම සම්පූර්ණ දුර කිලෝමීටර් 43ක් වේ.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles