Divaina - තවත් මලල කී‍්‍රඩකයින් දෙදෙනකුට තහනම් උත්තේජක චෝදනා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p16 4ශී‍්‍ර ලංකා යුද හමුදා මලල කී‍්‍රඩා කණ්ඩායමේ කී‍්‍රඩකයින් දෙදෙනකුට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබේ. මීටර් 800 සහ මීටර් 400 ඉසව් නියෝජනය කරන කී‍්‍රඩකයින් දෙදෙනකු වන එස්. කේ. වෙදගෙදර සහ චානක ජයසේකර යන යන කී‍්‍රඩකයින් දෙදෙනාට මෙම චෝදනා එල්ල වී ඇති අතර පසුගියදා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තරග දෙකකදී ඔවුන් තහනම් උත්තේජක භාවිත කර ඇතැයි තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය ප‍්‍රකාශ කර සිටී. එ් අනුව අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා හට ඉදිරියේදී පැවැත්වෙන සියලූම මලල කී‍්‍රඩා තරග තාවකාලිකව තහනම් කිරීමටද පියවර ගෙන තිබේ.
 
 එස්. කේ. වෙදගෙදර පසුගියදා නිමාවට පත් වූ ආසියානු මලල කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වන කණ්ඩායම තේරීමේ තරගාවලියේදී සහ චානක ජයසේකර අන්තර් රෙජිමේන්තු මලල කී‍්‍රඩා තරගාවලියේදීත් මෙසේ තහනම් උත්තේජක ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර ඉදිරි දිනකදී අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය වෙත කැඳවා විනය පරික්‍ෂණයක් සිදු කිරීමට නියමිතය. කෙසේ වෙතත් වෙදගෙදර සහ චානකට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ඉන්දියාවේදී සිදුකළ පරික්ෂණයකදී ඔවුන්ගේ මුත‍්‍රා සාම්පලයන්හි ‘අනබොලික් ස්ටොරයිඞ්’ නමැති තහනම් උත්තේජක සංඝටකය ඇතුළත්ව ඇති බවට චෝදනා ගොනුකර සිටී. එහිදී මෙම තහනම් උත්තේජක ඔවුන් ලබා ගත් එ්වාද එසේත් නැතිනම් කවුරුන් හෝ ඔවුන් හට ලබා දුන් එ්වාදැයි සොයා බැලීමට වෙනම පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ. එහිදී වැරදි කරු වන පුද්ගලයින් හට වසර කිහිපයක තරග තහනමකට ලක් වීමටද සිදුවන අතර මහ අධිකරණය මගින් ඔවුන් වැරදි කරුවන් බවට පත් වුවහොත් වසර දෙකකට නොඅඩු කාලක් සදහා බන්ධනාගාර ගතවීමට සිදුවන බවද ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය කියා සිටී.
 
 මෙම කී‍්‍රඩකයින් දෙදෙනාගේ මුත‍්‍රා සාම්පලවල ‘ඇනබොලික් ස්ටොරයිඞ්’ සංඝටකය ඇතුළත් වීද ඔවුන් සහභාගි වූ තරගාවලියේදි විශේෂ දක්ෂතා දැක්වීමට සමත් වී නොතිබීම කැපී පෙනෙන කරුණකි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles