Divaina - අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආයෙත් කල් යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p16 32019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය නැවත වරක් කල් දැමීමට ශ‍්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. එ් අනුව පසුගිය මස 21 රටේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය මීට පෙර අවස්ථාවකදීද කල් දැමුණු අතර එහිදී අදාළ තරගාවලිය ලබන 31 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබිණි. එහෙත් ආරක්ෂක හේතු සහ පහසුකම් ගැටලූ කිහිපයක් හේතුවෙන් මෙම තරගාවලිය නැවත කල් දමා තිබේ.
 
 ශ්‍්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය සහ තරගාවලි සංවිධායකයන් අතර ඊයේ (20 වැනිදා) සාකච්ඡුාවක් පැවති අතර ඉන් අනතුරුව මෙම නැවතත් තරගාවලිය ආරම්භ කිරීම සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට ඔවුන් තීරණය කර තිබේ.
 
 කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යාංශය සහ ශී‍්‍ර ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ තීරණය මත මැයි මස 31 වැනිදා සිට තරගාවලිය කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මීට පෙර තීරණයක් ගෙන තිබුණි. එහි දී තරගාවලිය ජුනි මාසය පුරාවට පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබු නිසාවෙන් තරගාවලියට සහභාගි වන පාසල්වල්ද මෙම තීරණයට විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබිණි.
 
 මීට අමතරව මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 75 වැනි බ‍්‍රැඞ්බි පලිහ සඳහා වන තරග දෙක පෙර සැලසුම් කර තිබූ ලෙසම ජුනි මස 1 වැනිදා මහනුවර පල්ලෙකැලේ ත‍්‍රිත්ව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ දී හා 15 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක‍්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙන බවද තරග සංවිධායකයින් ප‍්‍රකාශ කර සිටී.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles