Divaina - ශ‍්‍රී ලංකාව අද යළිත් ස්කොට්ලන්තය හමුවෙයි - ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p16 1ශ‍්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරග දෙකකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද :21 දා පැවැත්වේග තරගය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතයග

දෙරට අතර පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයට වර්ෂාව හරස්වීමෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහග එම නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානට පෙර පදම්වීමට තිබූ එක්දින තරග හතරෙන් පළමු තරගය වැස්සට සේදී යාම හේතුවෙන් අද තරගයේදී හෝ ශ‍්‍රී ලංකා පිලට සිය සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණහොත් එය ලෝක කුසලානට මනා අත්වැලක් වනු ඇතග

කෙසේ වෙතත් ස්කොට්න්ත කාලගුණයට අනූව අද දිනයද එතරම් සුවදායක නොවනු ඇති බවට වාර්තා වේග අද දවසේදීත් වර්ෂාව පතිත වීමට ඇති ඉඩකඩ හේතුවෙන් තරගය ක‍්‍රියාත්මක වීම වැට උඩ තත්ත්වයක පවතින බව වාර්තාවේග ශ‍්‍රී ලංකාවේ හොඳම සංයුතිය මෙම තරගය සඳහා සහභාගි නොවුණද ලෝක කුසාලන සැලසුම 90‍්‍ර ක් අත් අත්හදා බැලීමට මෙම පෙරහුරුව ශ‍්‍රී ලංකාවට කදිම තෝතැන්නක් වී තිබුණිග

ලසිත් මාලිංග ස්කොට්ලන්තය සමග තරග දෙකම ක‍්‍රීඩා නොකරන බව කලින්ම නිවේදනය කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වගබලාගත්හග එහෙත් ලෝක කුසාලනයේදී ක‍්‍රීඩා කරන පිතිකරු අනුපිළිවෙල අත්හදා බැලීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකාරීත්වය මෙම පෙරහුරුවේදී බලාපොරොත්තු රඳවා තිබුණිග

දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකා එක්දින පිලේ නායකත්වයට පත්වීමෙන් පසුව තරගයක් මෙහෙයවන පළමු අවස්ථාවද මෙය වන අතර ඔහුගේ හැකියාවද ප‍්‍රගුණ කිරීමට මෙම තරග දෙක වැදගත් සාධාකයක් වී තිබුණිග නමුත් ස්කොට්ලන්තයේ කාලගුණය අනූව තරගයේ පැවැත්වම තීරණය කරනු ඇතග

ස්කොට්ලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර මෙතෙක් පැවැති ජාත්‍යන්තර එක්දින තරග දෙකම ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබුණිග නමුත් දෙරට අතර 2017 වසරේදී පැවැති පෙරහුරු තරගයකින් ශ‍්‍රී ලංකාව පරාජය කිරීමට ස්කොට්ලන්තය සමත් වු බවද මතක තබා ගත යුතුයග එම තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ල දිනේෂ් චන්දිමාල් වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයන්ද ක‍්‍රීඩා කර තිබුණිග

‘පසුගිය වසර එක්දින ක‍්‍රිකට් වලදී අපිට නරක වසරක් වුණාග නමුත් ටෙස්ට් ක‍්‍රීඩාවේදී අපි යම් දියුණුවක් පෙන්නුම් කළාග විශේෂයෙන් දකුණු අප‍්‍රිකාවේදී අපි හොඳ තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණාග එතනදි කණ්ඩායමේ එකමුතුකම සහ ආත්ම විශ්වාසය තිබුණාග මෙවර එක්දින කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ට සහ නවකයන්ටත් ඒ ආත්ම විශ්වාසය තියෙනවාග’ යැයි එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයිග

තරගයට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂිත ශ‍්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න :නායක*ල ළහිරු තිරිමාන්න හෝ අවිශ්ක ප‍්‍රනාන්දුල කුසල් මෙන්ඩිස්ල කුසල් පෙරේරාල ඇන්ජලෝ මැතිව්ස්ල ධනංජය ද සිල්වාල තිසර පෙරේරාල ඉසුරු උදානල සුරංග ලක්මාල්ල ජෙෆ්රි වැන්ඩ‍්‍රසිල නුවන් ප‍්‍රදීප්

තරගයට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂිත ස්කොට්ලන්ත සංචිතය

කයිල් කොට්ෂර් :නායක*ල මැතිව්ස් ක්‍රොස්ල කැලූම් මැක්ලෝඞ්ල මිචෙල් ජොන්ස්ල ජෝජ මුන්සිල ක්‍රෙග් වැලස්ල ටොම් සෝල්ල මාර්ක් වට්ල ඇලස්ඩයර් එවන්ස්ල සෆායන් සාරිෆ් බ‍්‍රැඞ් වීල්

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles