Divaina - දැල්පන්දු ලෝක කුසලාන සටනට ශී‍්‍ර ලංකා බළඇණිය නම් කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 1ලබන මස ආරම්භ වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශී‍්‍ර ලංකා දැල්පන්දු සංචිතය මේ වනවිට ප‍්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව පසුගියදා නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී මෙම කණ්ඩායම තෝරා ගැනීම සිදු කෙරුණු අතර ඒ සඳහා කී‍්‍රඩා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
 
 නම් කෙරුණු කණ්ඩායමට
 
 පසුගිය ආසියානු ශූරතාව දිනූ කණ්ඩායමේ සිටි සුරේකා කුමාරි නම් කර නොමැති අතර ඇය වෙනුවට දීපිකා දර්ශනීට කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබේ. මීට අමතරව කණ්ඩායමේ නායකත්ව සහ උපනායකත්වයේ කිසි වෙනසක් සිදු නොවන අතර එය පෙර පරිදි පිළිවෙළින් චතුරංගි ජයසූරියට සහ දර්ශිකා අබේවික‍්‍රමට හිමිව තිබේ. තවද දැනට ඕස්ටේ‍්‍රලියාවේ සිටින තර්ජනී සිවලිංගම්ද ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඇත.
 
 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ලබන ජූලි මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වෙන අතර ඊට පෙර ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම බොට්ස්වානා කණ්ඩායම සමග පුහුණු තරගාවලියකටද සහභාගී වීමට නියමිතය.
 
 ශී‍්‍ර ලංකා ලෝක කුසලාන දැලපන්දු කණ්ඩායම - චතුරංගනී ජයසූරිය (නායිකා), දර්ශිකා අබේවික‍්‍රම (උපනායිකා), නවුජලී රාජපක්‍ෂ, දුලාංගි වන්නි තිලක,හසිතා මෙන්ඩිස්, දුලංගි ධනංජි, ඒලියන්තිනී සේතුකාවලන්, තර්ජනී සිවලංගම්, ගයනි දිසානායක, දීපිකා දර්ශනී, තිළිණි වත්තේගෙදර, ගයාංජලී අමරවංශ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles