Divaina - 23 වැනි ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියත් කල් යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 2මෙම මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ 23 වන ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය කල් දැමීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ. ඒ අනුව රටේ වර්තමාන ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් අදාළ තීරණය ගත් බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය ප‍්‍රකාශ කර සිටී.
 
 23 වන ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය මෙම මස 30 වැනිදා සිට ලබන ජුනි මස 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් දැනට තීරණය කර ඇති පරිදි මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වෙන බව මලල කී‍්‍රඩා සංගමය දන්වා සිටී.
 
 කෙසේ වෙතත් මෙම කනිෂ්ඨ තරගාවලිය හරහා 2020දී ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට සුදුස්සන් තේරීමට මලල කී‍්‍රඩා සංගමය බලාපොරොත්තුවෙන් සිටියද මෙසේ තරග කල් දැමීම මගින් එම අවස්ථාවද කල් යන බව තතු දත් උදවිය පෙන්වා දෙති. නමුත් මලල කී‍්‍රඩා සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටින්නේ රටේ අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හට පුහුණුවීම් කටයුතු හරි ආකාරයෙන් කිරීමට නොහැකිවීම මත මෙම තීරණය ගත් බවයි.
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles